ලුෂානි දමයන්ති කැකිරාව

2023 ජුලි කලාපය

හැර ගිය අම්මාට..

වසරක් ඇත ගෙවිලා ගොස් අම්මගෙ තිබු සෙනේ
තාමත් මට මතක් වෙනව හඳවතටද දැනේ
සමහර දා නොසිතු ලෙසින් සිහිනෙන් නුඹ පෙනේ
එතකොට නම් කඳුලු බිඳක් නළියයි නෙත් කොනේ

මොනවා හරි කන්න දීලා කුසගිනි අපෙ නිවා
දන්නව ඇති ඒ හැම දේ ගහ කොළ වැල් පවා
දුක් විඳලා උගන්වන්න පාසැල වෙත යවා
මතක් වෙද්දි මගෙ පපුවත් යනව වගයි දවා

හැමදාමත් කතා කරන විට කියන්නෙ පුතා
කිසි දිනකදි කියලා නෑ අප හට නම් නැතා
සසර මගේ අතරක හෝ හමුවන්නට සිතා
පෙරම් පුරමි අම්මේ මම මතු භවයක පතා
View Poem