හඳුනා ගත්තොත් හරියට...!
රස ගැන අප සලකන කල නැතිවම බැරි වර්ග දෙකකි...
යසට කන්න සීනි ද ලුණු ඇවැසි බවද නොමැති සැකකි...
වස කියුවත් වෛද්‍යවරු දිවට දෙන්නෙ මහත් සුවකි...
නසන්නෙ අප ටිකින් ටිකලු
සිතුවොත් එය වන්නෙ හොඳකි...
පැණිරස ඇවසිම දෙයකට දැමුවොත් ලුණු, කනු ලැබේද...
එමලෙසටම මාලුවකට සීනි
වැටී, රස ගෙනේද...
අප ඇස ගැටුණත් නිතරම දෙකම එක වගෙයි , නොවේද...
මෙය යස උපමාවකි, මිනිසුන්
හඳුනා ගනු කෙසේද...
රසැති වදන් දොඩන නරුම ගති ඇත්තෝ කෙතෙක්වේද...
විසැති බවක් දැනගන්නට ඇසුරු කලත් හැකිමවේද...
උසැති රුවැති හද බැඳෙනා අය ගේ සිත් මොන වගේද...
පිසැති කෑම කා බලතැකි , මිනිසුන් ගේ රස දැනේද...
එනිස අපට හමුවන්නන් අප
වගේම යැයි සිතලා...
වනස ගන්නෙ නැතිවම දිවි , කල් ගෙන හොඳහැටි සොයලා ...
මිනිස කියන අපූරුතම සත්වය
හඳුනා බලලා...
මනස සුවෙන් තබා ගනිමු , සමු ගන්නෙමි සෙත් පතලා...