සෝම හිමි
පංච ශීල ප්‍රතිපදාව සුරැකෙන තැන නිවනට
රන්ද බුදු බනේ යනමග පෙහෙලි කෙරුවෙ මොනවට
වංක ගිරි ලැහැබ වල් වැදි මිසදිටු හිත් එළිකොට
පෙන්න ගෙන රුදුරු නරකය නිවුමට පෙරමුනෙ සිට
බොදු හදවතට නොව පොදු හදවතට කිඳ
බැඳි සිතුවිලි වලට වැද පෙළහර පෑව සඳ
සොඳ මිනිසත් කමට දෑ කුල බේද වෙද
රඳ අප හිම්සඳුන ජනහිත රැහැන් ඇද
දෙසු මුනි දහම තුල පටහැනි යමක් නැත
මුසු මුදු වදනෙ ගරු විනයම රකින තැත
කසු කුසු නැගුනි බුදු පුත් ගැන අපරිමිත
විසු දිවි ගමන සරලව සන්සුන්ව ගත
මනු සත ගුන පිරේය දුසිරිත් මග හැරේය
බුදු ගුන ලොව සරේය මනස පිපී ඇරේය
හිමි දිවි නිම කරේය නිවනට මග තිරේය
දන අත් හැම සිරේය සාදුය මුව ස්වරේය
දොව දොව කඳුලුය ගලනා ඇසමත විය වැලපිල්ල
පොව පොව මුවඟය රඳනා සුසුමක පිරි ලතවිල්ල
කව කව හදෙහිය වඩනා හිමි දුන් මග සැනසිල්ල
නිව නිව සසරය ගෙවනා තුන් බෝ මුල නැවතිල්ල
රන්ද බුදු බනේ යනමග පෙහෙලි කෙරුවෙ මොනවට
වංක ගිරි ලැහැබ වල් වැදි මිසදිටු හිත් එළිකොට
පෙන්න ගෙන රුදුරු නරකය නිවුමට පෙරමුනෙ සිට
බොදු හදවතට නොව පොදු හදවතට කිඳ
බැඳි සිතුවිලි වලට වැද පෙළහර පෑව සඳ
සොඳ මිනිසත් කමට දෑ කුල බේද වෙද
රඳ අප හිම්සඳුන ජනහිත රැහැන් ඇද
දෙසු මුනි දහම තුල පටහැනි යමක් නැත
මුසු මුදු වදනෙ ගරු විනයම රකින තැත
කසු කුසු නැගුනි බුදු පුත් ගැන අපරිමිත
විසු දිවි ගමන සරලව සන්සුන්ව ගත
මනු සත ගුන පිරේය දුසිරිත් මග හැරේය
බුදු ගුන ලොව සරේය මනස පිපී ඇරේය
හිමි දිවි නිම කරේය නිවනට මග තිරේය
දන අත් හැම සිරේය සාදුය මුව ස්වරේය
දොව දොව කඳුලුය ගලනා ඇසමත විය වැලපිල්ල
පොව පොව මුවඟය රඳනා සුසුමක පිරි ලතවිල්ල
කව කව හදෙහිය වඩනා හිමි දුන් මග සැනසිල්ල
නිව නිව සසරය ගෙවනා තුන් බෝ මුල නැවතිල්ල