සොඳුරු දෑස්......
වසන්තයෙ තාරකා වන් පෙළක් අතර දුටු
සිහිනයක පවා අසිරියක් මිහිරක්ම
දුටු
මතක පමණක් නොවී ජීවිතය තුලම
දුටු
මේ සොඳුරු දෑස මද කාලෙකට පෙරදි
දුටු.
මිරිඟුවක් නොම වෙලා කතරෙදිත්
දියම දුටු
පැතු පිණි මල් කැකුළු පිබිඳ වු
ලොවම දුටු
සිනාවෙදි කඳුලෙදිත් අත් නොහැර
සිටිනු දුටු
මේ සොඳුරු දෑස මද කාලෙකට
පෙරදි දුටු.
වියපත්ව යන විටදි අත් නොහැර
ළඟම දුටු
ඉනු කඳුළු හැර පියා තව තවත්
ළඟට දුටු
සෙනෙහසින් දැවටෙමින් දිරිය වී
සිතම දුටු
මේ සොඳුරු දෑස මද කාලෙකට
පෙරදි දුටු.
රුසිරු දියවී ගියත් සොඳුරු ලෙස
ලඟම දුටු
දෙනෙත් බොඳ වී ගියත් දෑස් අග
සිනා දුටු
වියරු සසරක නිබඳ බවෙන්
බවයේම දුටු
මේ සොඳුරු දෑස මද කාලෙකට
පෙරදි දුටු.
සිහිනයක පවා අසිරියක් මිහිරක්ම
දුටු
මතක පමණක් නොවී ජීවිතය තුලම
දුටු
මේ සොඳුරු දෑස මද කාලෙකට පෙරදි
දුටු.
මිරිඟුවක් නොම වෙලා කතරෙදිත්
දියම දුටු
පැතු පිණි මල් කැකුළු පිබිඳ වු
ලොවම දුටු
සිනාවෙදි කඳුලෙදිත් අත් නොහැර
සිටිනු දුටු
මේ සොඳුරු දෑස මද කාලෙකට
පෙරදි දුටු.
වියපත්ව යන විටදි අත් නොහැර
ළඟම දුටු
ඉනු කඳුළු හැර පියා තව තවත්
ළඟට දුටු
සෙනෙහසින් දැවටෙමින් දිරිය වී
සිතම දුටු
මේ සොඳුරු දෑස මද කාලෙකට
පෙරදි දුටු.
රුසිරු දියවී ගියත් සොඳුරු ලෙස
ලඟම දුටු
දෙනෙත් බොඳ වී ගියත් දෑස් අග
සිනා දුටු
වියරු සසරක නිබඳ බවෙන්
බවයේම දුටු
මේ සොඳුරු දෑස මද කාලෙකට
පෙරදි දුටු.