සේන ගනේවත්තහිටිවන කවි කිරුළ!
ලක් මව දිනවුමට සිරි සරසවිය සෙව්
දුක් සැප මුසුව මාපලගම රටට එව්
දැක්‌මට දුර දසුන් හසුරන පදය සිව්
සක් විති කිරුළසකි හිටිවන ලොවට කව්
පිවිසුම පෙරට සසරේ හුරු අත නෑර
කවිකම නළුකමට මුසු කළ රස මීර
දිවියම එකලු සිය උරුමය පද ආර
අවි බිම හෙළන සවියකි යන එන පාර
අ.ත.ක.ස බලකණුව ස.ල.සි.ක මුලසුනට
ළය රස රැගෙන බට පුවතකි විමතියට
දෙස බස රැස රැකෙන කිවි මඟ සුදසුනට
යුග කිස සැලසුමකි පියවර ඉදිරියට
හදවත් සැනසුමේ සිතුවිලි වගා වෙන
මැදහත් ලොව දහම විමසා බලා දැන
ලදහොත් මිසෙක තුති පැසසුම් ගලා එන
තෙදවත් සිතක පසු පස නැති හඹා යන
අග රස ළය හොවා කිවිවර කමේ වියත්
පෙර පස හිඳුවමින් පිටු පස පෙළේ අයත්
දෙස බස රැසට පණ උපදින අපේ දැයත්
රිටි උස නඟී රැක ගැනුමට කොහේ ගියත්
සඳු රවි පෙරළියට පෙරඹර අවර ගිර
නැණ සවි ජන දිනුම රතු ලොව පුබුදු කර
රස කවි සුවඳ මාපලගම රුහුණු පුර
සුව දිවි සැනසුමකි නිවනට විවර දොර
දුක් සැප මුසුව මාපලගම රටට එව්
දැක්‌මට දුර දසුන් හසුරන පදය සිව්
සක් විති කිරුළසකි හිටිවන ලොවට කව්
පිවිසුම පෙරට සසරේ හුරු අත නෑර
කවිකම නළුකමට මුසු කළ රස මීර
දිවියම එකලු සිය උරුමය පද ආර
අවි බිම හෙළන සවියකි යන එන පාර
අ.ත.ක.ස බලකණුව ස.ල.සි.ක මුලසුනට
ළය රස රැගෙන බට පුවතකි විමතියට
දෙස බස රැස රැකෙන කිවි මඟ සුදසුනට
යුග කිස සැලසුමකි පියවර ඉදිරියට
හදවත් සැනසුමේ සිතුවිලි වගා වෙන
මැදහත් ලොව දහම විමසා බලා දැන
ලදහොත් මිසෙක තුති පැසසුම් ගලා එන
තෙදවත් සිතක පසු පස නැති හඹා යන
අග රස ළය හොවා කිවිවර කමේ වියත්
පෙර පස හිඳුවමින් පිටු පස පෙළේ අයත්
දෙස බස රැසට පණ උපදින අපේ දැයත්
රිටි උස නඟී රැක ගැනුමට කොහේ ගියත්
සඳු රවි පෙරළියට පෙරඹර අවර ගිර
නැණ සවි ජන දිනුම රතු ලොව පුබුදු කර
රස කවි සුවඳ මාපලගම රුහුණු පුර
සුව දිවි සැනසුමකි නිවනට විවර දොර