සේකර උපහාර
විහිදින තඹරු පවනැල් දිය රැල් අතර
සැඟවිය කලල් නොඇලිය කිසිවිට සතර
සිනැහිය දසත ගවසා සුසුවඳ පවර
දනිහිද නොබැඳියෙකි දියමල වුව තවර
එසමම සුවඳ වූ තැන් ලකඹර මහරූ
පරගැති සිතින් නැත කිලිටෙක වැද ගොහොරූ
නුවණෙකි මහා කතුවරයක බැඳ පවුරූ
උතුමෙකි සේකරය සිව් හෙළ මත කිවිරූ
කවකිය නිසඳැසය මොනවට වැනූ තොමෝ
මවකිය මහිය ගුණ ගයනා මහරු තොමෝ
වහරකි හෙළය හසලම බස ප්රගුණ තොමෝ
වුවනකි දැයට නිම නොවනා දිවිය තොමෝ
දැහැමිය සරල දුටු අකුරේ සරුසාර
පිහිනිය සිඳුව පරතෙර දිටි කවිවාර
සිහිනය නොවේ ඉහළට යන පිරිවාර
මහගම ගියේ ගැමිකම හැර මොනපාර
උපතකි හෙළට එය පරවූයේ කොහොම
සැපතකි වහර පිනනා ගුණ කඳ බොහොම
විපතකි කයේ ආයුෂ මිස නම එහෙම
සුවඳකි සඳා අමරම සේකර මෙහෙම
14-01-2025
සැඟවිය කලල් නොඇලිය කිසිවිට සතර
සිනැහිය දසත ගවසා සුසුවඳ පවර
දනිහිද නොබැඳියෙකි දියමල වුව තවර
එසමම සුවඳ වූ තැන් ලකඹර මහරූ
පරගැති සිතින් නැත කිලිටෙක වැද ගොහොරූ
නුවණෙකි මහා කතුවරයක බැඳ පවුරූ
උතුමෙකි සේකරය සිව් හෙළ මත කිවිරූ
කවකිය නිසඳැසය මොනවට වැනූ තොමෝ
මවකිය මහිය ගුණ ගයනා මහරු තොමෝ
වහරකි හෙළය හසලම බස ප්රගුණ තොමෝ
වුවනකි දැයට නිම නොවනා දිවිය තොමෝ
දැහැමිය සරල දුටු අකුරේ සරුසාර
පිහිනිය සිඳුව පරතෙර දිටි කවිවාර
සිහිනය නොවේ ඉහළට යන පිරිවාර
මහගම ගියේ ගැමිකම හැර මොනපාර
උපතකි හෙළට එය පරවූයේ කොහොම
සැපතකි වහර පිනනා ගුණ කඳ බොහොම
විපතකි කයේ ආයුෂ මිස නම එහෙම
සුවඳකි සඳා අමරම සේකර මෙහෙම
14-01-2025