""සෙනේ කැඳැල්ල""
කැඳැල්ලෙ රන් විමානයේ
සෙනේ පිරී තිරී ගළයි
තමන් හැදූ කුඩා පැටව්
බිදෙන් බිදේ වැඩීල එයි
ගහෙන් ගහේ පියා සලා
හිඳිද්දි ලං වෙලා පෙමින්
කැඳැල්ලකුත් සදාල දී
පියා ගිහින් කලක් වුනා
ඉගිල්ළිලා උදෑසනේ
වනන්තරේ පියාඹලා
සුරත් පලත් නෙළා ගෙනත්
ළමුන්ගෙ කුස් පුරෝවනා
හැදූ වැඩූ ළමුන්ට මව්
තුඩෙන් තුඩේ තබා සෙනෙන්
සොයාල කෑම දුන් පසුයි
ඇගේ කුසත් පිරෙන්නෙ ඉන්
කිචී බිචී ගගා ළමුන්
කතා කරයි දිනෙන් දිනේ
පියාපතුත් වැඩීල විත්
පනින්න මයි හදන්නෙ දැන්
ළමුන්නෙ මේ අසාපියව්
කැළෑ ගමේ හිඳිද්දි මේ
ඇතැම්හු නෙත් අයා සිටියි
පරිස්සමයි වටින්නෙ බෝ
සෙනේ පිරී තිරී ගළයි
තමන් හැදූ කුඩා පැටව්
බිදෙන් බිදේ වැඩීල එයි
ගහෙන් ගහේ පියා සලා
හිඳිද්දි ලං වෙලා පෙමින්
කැඳැල්ලකුත් සදාල දී
පියා ගිහින් කලක් වුනා
ඉගිල්ළිලා උදෑසනේ
වනන්තරේ පියාඹලා
සුරත් පලත් නෙළා ගෙනත්
ළමුන්ගෙ කුස් පුරෝවනා
හැදූ වැඩූ ළමුන්ට මව්
තුඩෙන් තුඩේ තබා සෙනෙන්
සොයාල කෑම දුන් පසුයි
ඇගේ කුසත් පිරෙන්නෙ ඉන්
කිචී බිචී ගගා ළමුන්
කතා කරයි දිනෙන් දිනේ
පියාපතුත් වැඩීල විත්
පනින්න මයි හදන්නෙ දැන්
ළමුන්නෙ මේ අසාපියව්
කැළෑ ගමේ හිඳිද්දි මේ
ඇතැම්හු නෙත් අයා සිටියි
පරිස්සමයි වටින්නෙ බෝ