තීෂ්‍යා දුල්මිණි හෝමාගම

2022 පෙබරවාරි කලාපය

සෙනෙහසේ ගංඟාව

මගේ ලෝකයේ අඳුර දුරලපු
කෙනෙක් වේ නම් බොහෝ ඉවසපු
සතුට හද දී කඳුළු පිසලපු
නුඹ ම වේ හිරු මට ම පායපු

නුඹේ එළියනි ලොවම දුටුවේ
නුඹේ සෙනෙහස හදේ දැරුවේ
හුස්ම පවතින තුරා පපුවේ
මගේ හුස්මත් නුඹ සමඟ වේ

සතුටු සිනහව මුව පුරවගෙන
මගේ ආයුත් එකතු කරගෙන
දිවි සැරියෙ යන නුඹව දැකගෙන
මියෙත හැකි මට සතුට අරගෙන

කොතෙක් තිබුණත් පවුරු
සෙනෙහසේ ගඟ පැතිරු
ඉතින් සිඳ බිඳ පවුරු
ගලන බව නොදුටුවේ කවුරු

සේයාරූ - හිමිදිරියේ මාදුරු ඔය දිස්වෙන අයුරු විද්‍යා මහාචාර්යවරයෙකුගේ කලාව සපිරුනු කැමරා ඇසෙන්
View Poem