මාවැලි කුමාරී කුලතුංග - මහනුවර

2024 සැප්තැම්බර් කලාපය

සුවදෙන නිවහන

ලතාවකට ඇඹරුණු පුස් වැල් අරණේ
සිතාගත නොහැකි සිසිලකි සිත දැහැනේ
කතා දෙකක් නැත නෙත පිනවන
වරුනේ
වන ගහණය අති රමණිය මගෙ සෙවනේ

නිති දැවටෙන මද පවනින් ගත නිවුනේ
නැති සුවයකි අන් කිසිතැන මෙහි දැනුනේ
අති සුන්දර වන මල් දුටුවද බිඟුනේ
කිති නොකරම රොන් අරගනු ආ
සැනිනේ
වැලිමුව රැල හැල්මේ ඔබ-මොබ සරනා
බළල් දිවියනුත් ඉඳ හිට එළි බසිනා
වල් ඌරන් ද පැටවුන් තොගයට වදනා
නිවහන මෙයයි ඉත්තෑවන් පෙම් කෙළිනා

ඇසෙනා මිහිරි නඳ ගෙවනා දවස පුරා
නිතිනා කුරුල්ලන් පැමිනෙයි වදුල කරා
ගතිනා නොසම වුව නෙක වර්ණයන් අරා
වෙසෙනා සෙයකි උන් සමගිය සිතෙහි දරා

නිවසේ සිටම බැලු බැලු අත සිත නිවෙනා
සිතුසේ සොබාදම් මව අසිරිය විඳිනා
මනසේ ඉඩක් නැත- සන්සුන් බවට විනා
මෙය සම්පතකි මිහිපිට මා ලද අගනා



20.08.2024
View Poem