ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

2021 නොවැම්බර් කලාපය

සුරලොව ගිය පියෙක්

අලුයම පිබිදී ලිප           ගිනිලන්නේ
සැමටම තේ ටික හදලා        ගන්නේ
පුතුහට රිසිදේ විගසින්          දුන්නේ
කුඹුරට උදයේ සතුටින්         යන්නේ

අරුණළු වැටෙන්නට පෙර   ගම්දොරට
දොරගුළු අරින්නට අපෙ   ගෙයිදොරට
යුහුසුළු කරන්නට සැම     අවදිකොට
මුවගොළු බිඳින්නට පෑවේ     සිනහකට

අඳුර ගලනවිට නිවසට   ආවේ
ගෙදර බලා යලි  කඩයට දිව්වේ
උයා බෙදාදී බත්ටික     කෑවේ
මැදියම කවුදෝ හදවත   පැලුවේ

වැස්සට තෙමි තෙමි කුඹුර කෙටු     අපි
අව්වට දැවි දැවි ගොයම් කැපුව          අපි
සවසට නැමි නැමි තෙරුවන් වැඳි       අපි
අපහට නැති වුනි රුවනක් රැකි        අපි

කෙටුවත් කුඹුරේ දවසම    වෙහෙසි
දැනුනත් සිරුරේ රිදුමක්      හදිසි
නැතිමුත් සිතුවේ හරියක්      අදිසි
වියොවින් තැවුනේ පුතනුන් මෙලෙසි
View Poem