සුන්දර ශ්රී ලංකා
සොඳුරු නමකි පටබැන්ද
ඉන්දි සයුරෙ මුතු මෙන්ද
මුළු ලොව පතල හෙයින්ද
වඳිනෙමි මහද බැතින්
සිරි දළදා සමිඳුන්ද
සෙංකඩගල පුරයෙන්ද
ලැබ දෙන එ'අනුහසින්ද
ඉටු වෙයි සැම පැතුමන්
මහවැලි කළු සමඟින්ද
වලවෙ කැළණි මනනන්ද
සන්සුන් වූ ගමනින්ද
දිව යයි සයුර සොයන්
රුහුණු පුරය පෙදෙසින්ද
අගනා වූ රසයෙන්ද
මී කිරි සැම හද බැන්ද
පිනවයි සියලු දනන්
සුපතල සමනොළ කන්ද
සිප ගෙන එන සුළඟෙන්ද
කිරි වදිනා ගොයමෙන්ද
සරුසාරයි ගම දැන්
හද බැඳි රුවැති ළඳුන්ද
රැක ගෙන සීගිරි කන්ද
පසු වෙයි තෙදැති ලෙසින්ද
ලොව නැත එවැනි දසුන්
අප මහ බුදු සමිඳුන්ද
තෙවරක් වැඩිය හෙයින්ද
මෙහි උපදින විලසින්ද
පතනෙමි සතුටු සිතින්
ඉන්දි සයුරෙ මුතු මෙන්ද
මුළු ලොව පතල හෙයින්ද
වඳිනෙමි මහද බැතින්
සිරි දළදා සමිඳුන්ද
සෙංකඩගල පුරයෙන්ද
ලැබ දෙන එ'අනුහසින්ද
ඉටු වෙයි සැම පැතුමන්
මහවැලි කළු සමඟින්ද
වලවෙ කැළණි මනනන්ද
සන්සුන් වූ ගමනින්ද
දිව යයි සයුර සොයන්
රුහුණු පුරය පෙදෙසින්ද
අගනා වූ රසයෙන්ද
මී කිරි සැම හද බැන්ද
පිනවයි සියලු දනන්
සුපතල සමනොළ කන්ද
සිප ගෙන එන සුළඟෙන්ද
කිරි වදිනා ගොයමෙන්ද
සරුසාරයි ගම දැන්
හද බැඳි රුවැති ළඳුන්ද
රැක ගෙන සීගිරි කන්ද
පසු වෙයි තෙදැති ලෙසින්ද
ලොව නැත එවැනි දසුන්
අප මහ බුදු සමිඳුන්ද
තෙවරක් වැඩිය හෙයින්ද
මෙහි උපදින විලසින්ද
පතනෙමි සතුටු සිතින්