ඉෂංකා මිහිරි කුමාරතුංග

2025 ජනවාරි කලාපය

සුදු පුතේ...

වන්නට කිරක් නොවේ
ඉපදී මා ලය ගැබේ...
වාන් දමා කැලතෙන ස්නේහයක් වේ
නුඹට දැනුනද පුතේ...

හිස තියන්නට ඔය උරහිසින්
බරක් නොවෙමි මා කිසිදිනේ......
ඇගේ ලය වියලෙන දාට ඇව්දින්
දෙතොල තියනවද මා ලයේ.....

හීනයක් ගානෙම ඇව්දින් තුරුලුව
අප්පච්චි කිව් සංසාර ගීතයේ....
හෙටත් ඉඩ තියෙනවා නුඹටම
එල්ලෙන්නට ඇගිලි තුඩේ.....

මහා මේරුවට වඩා බර දැනේවි
තටු විහිදූ දින විසල් අහස් තලේ
ඉගිල යන දාටත් අමනාප නොවී
නුඹ හිනැහෙනවද...මගේ දෑස් කොනේ....
View Poem