සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ

2024 ජුලි කලාපය

සුගන්ධය

මම නොදනිමි ,
විඳ නැත කිසි දිනෙක
ඔබ ගත තැවරුණු
ඒ සුගන්ධය
ඉදින් ,
මා කැමතිම සුගන්ධය
කැමැත්තෙමි
ඔබේ යැයි සිතන්නට

මෙලොව කිසිවෙකුත්
නොදන්න
මා පමණක් දන්න
ඒ සුගන්ධය
ඔබත් කිසිවිට
විඳ නැතුව ඇති
මා සිඹ බැලූ
කිසිම මලෙකත් නැති
ඒ සුගන්ධය ..

ඒ සුගන්ධය
ඔබ සිහිවන
සෑම මොහොතකම
මා හදවතින්
හමා එනු
දැනෙයි මට ...

Photo credit; Aziz Acharki
View Poem