නීතීඥ කල්‍යාණප්‍රිය ජයසුරිය කොළඹ

2025 අප්‍රේල් කලාපය

සීතල නැතිවද නවතින්නේ

සීතල හිරිකඩ හතර වටින් වැද
කීරි ගැසී වෙවුලන යාමේ
කුණාටුවක පැටලුණ මහ වැහි බිඳු
පොර බඳමින් සියොළඟ බේරේ
හිම කඳු අතරින් විහිදෙන සීතල
ඇට මස් පසාරු කරමින්නේ
මුහුණ ඉරිතැලී පුපුරා යන තුරු
සීතල නැතිවද නවතින්නේ

හිරු විකසිත වූ විගසින් පැරදී
වැහි බිඳු හිරිකඩ පළා ගොසින්
ඒ රැස් දහරින් මුදුවූ හිමකැට
හැකිලී දියවී ගලා ගොසින්
මුළු වා තලයට උණුහුම දීලයි
යන්න ගියේ ගිනි මද්දහනින්
පටලා ගත් දෑතේ උණුහුම
හිරුට පුදා දුන්නා රහසින්

Phot credit; Oleg Gospodarec
View Poem