ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

2024 දෙසැම්බර් කලාපය

සීතල ගුලි කරන් සීයා ‍‍‍‍ඇවිදින්නේ...

සෙනෙහස මලු පුරා පුරවා ගෙනැවිත් පොදි බඳින්නේ
මුවහස - පපා - පෙම වපුරා ඒ බැව් ඔහු කියන්නේ
දිවි - මාවත දිගේ දඟ-දන කවුරුත් නැහැ දකින්නේ
“සාමය” තවත් “ඈතට ගොස්” ඈතින් අත වන්නනේ

සකය කරකැවී පසුපස කම් එන්නේ කෙලෙසා
පවස නිවෙන්නේ දෝතට ගත් දිය බිව් විගසා
සුවය දැනෙන්නේ අත-මිට කාසි-පනම් ගවසා
ඇති විට පමණ ද වසරක් ගෙවෙන තැනදි විමසා

ගුලි කර ගත් සී - ඊතල දුනු - රැහැන් වෙලා මුව රථ
විළි අඹරා වළා කුලෙන් - කුලට ඇදෙනයුරු එන පථ
කිළි විමසා නොපනත්කම් කළ හිත් නොරිදවා අපථ
පිළි - ඈ නෙක තෑගි බෙදයි ලෙස රජිඳුන් මහ දසරථ

සන්තානය දැකලා දෝ මුණිවරයන් පහළ වුණේ
අස්ථානය දැකලා දෝ එමුණි රදුන් සෝක වුණේ
විස්සෝපය හින්දා දෝ පොඩි සිත් සනහන්ට වුණේ
අපසරයක ගිළුණා දෝ දනන් සිරස දුරස් වුණේ

උඳුවප් සිහිතල මුළු ලොව සිප ගෙන
මැදියම් රැය තරු එළියෙන් දිදුළන
ගව ලෙනක එදා කුමරුන් බිහිවෙන
සාමයෙ පණිවුඩය ද ලොව සැනසුව
ගෙන ආවේ... ගෙන ආවේ...

කිම - මිනිසුන් නුවණින් සිරසින් නැති
විම - සුව හොත් සෙනෙහස පෙම සිත් නැති
දම - යදමක් ලෙස බැ‌ඳුණු බවක් නැති
සම “මිනිසත්කම” අහලකවත් නැති
මනස උසස් වෙ ද මිනිසාගේ...

කාලය එළැඹ තියේ මෙ වසරේ
ප්‍රේම වඩා සාමය පතුරන්නට
සාම කුමරු ලොව සැමට ම දැක්වූ
ආදරය ද ප්‍රේමය ද වඩන්නට
මනසින් සිරසින් බැඳ වෙළිලා!!!


2024.12.01
View Poem