සිනාසෙන තරුවකි
සිනාසෙන තරුවකි
හිරු නිවෙන වරුවකි
සඳේ සුදු රැස් ඔතා
වලාකුලු නැටුමකි
ගලා යන ගඟුලකි
රිදී දිය දහරකි
ඉවුර මත ඇන තියා
නිදන කොක් රෑනකි
හමා යන සුළඟකි
සමන් මල් සුවඳකි
ඝන්ඨාර හඬ මකා
ඇසෙන සෙත් පිරිතකි
කවියෙකු ට මිහිරකි
පද බැඳෙන අරුමෙකි
සොඳුරු රස පෙම් කතා
ලියන සුභ මොහොතකි
හිරු නිවෙන වරුවකි
සඳේ සුදු රැස් ඔතා
වලාකුලු නැටුමකි
ගලා යන ගඟුලකි
රිදී දිය දහරකි
ඉවුර මත ඇන තියා
නිදන කොක් රෑනකි
හමා යන සුළඟකි
සමන් මල් සුවඳකි
ඝන්ඨාර හඬ මකා
ඇසෙන සෙත් පිරිතකි
කවියෙකු ට මිහිරකි
පද බැඳෙන අරුමෙකි
සොඳුරු රස පෙම් කතා
ලියන සුභ මොහොතකි