සින්තටික් සිහින
හුදෙකලා විරාමය මෙතැනද
සොයා යමි සුයාමය
කොතැනද
සොබාදම් නියාමය
එතැනද
සිතුම් වැල දලු දමා
එතුනද
සින්තටික් සිහිනයක
සැතපී
ටයිටැනික් පාව ගිය
දුරකි
මතක වෙරළට
දුරත් සුඟකි
පැමිණි පිරිපතෙත්
පැණි රහකි
ගලා ගොස් වැටෙන තැන
නැවතී
කාලයේ ගඟ හෙටත්
ගලති
ලෝකයම හතිදදා
දුවති
මඟ හැරුණු තැන් යළිත්
සොයති
කදෝපැනි ඉගිල යයි
අඳුරක
එළිය දල්වා වැටෙන
තරුවක
සඳ ඇවිත් සිනාසෙන
දිනයක
හබල ගෙන එන්න රන්
ඔරුවක
මහගම සීලානන්ද හිමි
වේයන්ගොඩ
සොයා යමි සුයාමය
කොතැනද
සොබාදම් නියාමය
එතැනද
සිතුම් වැල දලු දමා
එතුනද
සින්තටික් සිහිනයක
සැතපී
ටයිටැනික් පාව ගිය
දුරකි
මතක වෙරළට
දුරත් සුඟකි
පැමිණි පිරිපතෙත්
පැණි රහකි
ගලා ගොස් වැටෙන තැන
නැවතී
කාලයේ ගඟ හෙටත්
ගලති
ලෝකයම හතිදදා
දුවති
මඟ හැරුණු තැන් යළිත්
සොයති
කදෝපැනි ඉගිල යයි
අඳුරක
එළිය දල්වා වැටෙන
තරුවක
සඳ ඇවිත් සිනාසෙන
දිනයක
හබල ගෙන එන්න රන්
ඔරුවක
මහගම සීලානන්ද හිමි
වේයන්ගොඩ