සිතැඟි
සියක් ගව්වක් නෙත් මණින දුර
සිතට නොදැනෙන සිහින නිම්නෙකි
පුරුදු උණුසුම සොයා දිවයන
සිතැඟි ඔබ ගත වෙළෙන පවනකි.
නිහඬ නිසසල ගෙවෙන රෑයම
සවන් සනහන රැහැයි ගියක
මියුරු පදවැල් අකුරු තරු කර
අහස් තලයේ නිබඳ ලීවෙමි.
තරු පෙනේනම් ඔබට රෑ කල
ගයනු හැකිවෙයි අරුත්ගීයක්
නිවාලන්නට ඔබේ පාලුව
මගේ මනැසින් ගෙතුණු තනුවෙකි.
සිතට නොදැනෙන සිහින නිම්නෙකි
පුරුදු උණුසුම සොයා දිවයන
සිතැඟි ඔබ ගත වෙළෙන පවනකි.
නිහඬ නිසසල ගෙවෙන රෑයම
සවන් සනහන රැහැයි ගියක
මියුරු පදවැල් අකුරු තරු කර
අහස් තලයේ නිබඳ ලීවෙමි.
තරු පෙනේනම් ඔබට රෑ කල
ගයනු හැකිවෙයි අරුත්ගීයක්
නිවාලන්නට ඔබේ පාලුව
මගේ මනැසින් ගෙතුණු තනුවෙකි.