මහේෂ් චතුරංග ජයවර්ධන

2022 මාර්තු කලාපය

සිගිරි ලදකගේ සුසුමක්

මගේ සිවුමැලි කැකුළු වත දැක රාජ අණකින් දන්වලා
මාලිගාවට යන්න සිදු වුනි අපේ නිවසින් වෙන් වෙලා
දැහේ රූරා වැටෙන කඳුලින් අප්පාගේ නෙත් තෙත් වෙලා
යන්න අවසර දුන්නේ කඳුලින් රාජ නීතිය එය නිසා

රාජ බෝජන දුහුල් සළු පිලි මටම කියලා හිමිවෙලා
තවත් මල්වර කුමරියන් මැද මගේ හිත අසරණවෙලා
සිහින මාලිග අගුල් දමලා මාලිගාවක සිරවෙලා
රහසෙ හැඩුවා කඳුලු හන්ඟා අප්පාගේ නෙත් සිහිවෙලා

අම්ම නැති උන දා පටන් උඹ මගේ පන යයි කියා
රැක්ක දුව අද කළුගලක් උඩ මාලිගාවක තනිවෙලා
කැකුළු නාඹර මගේ උඩුකය වැසුණු සළු ඉවතට වෙලා
සියල්ලන් මැද සිතුවමක් වී කළුගලක් මත ලියවිලා

සදා කාලෙට උරුම නැතිබව සියලු සැප සම්පත් මෙහේ
යන්න වෙන බව දන්නවා මම තරුණ කම නැති වන දිනේ
හදේ නැගෙන සෝසුසුම් වල කදුළු බර වැඩි උනු දිනේ
ගලත් සෙලවී පැලී යාවිද මගේ දුක හඳුනන වෙලේ ....

සිගිරි ගල ළඟ සිංහයා නම් තාම තරුනව වැජබෙතේ
අපේ ගේ පැල පහුකරන් යන වගක් සැලවී බිය උනේ
ගෙදර සිටිනා අපේ කැකුළිය බාල නැගණිය සිහිඋනේ
අනේ අප්පේ කෙල්ල හංගා පැලේ දොර වහ ගනු හොදේ....

23/02/2022
View Poem