සිංහ කොඩියෙන් බහින්නද
සිංහ කොඩියෙන්
බහින්නද
වංග නුවරට
දුවන්නද
නිදහසක්
ගැන හිතන්නද
කාට මේ දුක
කියන්නද
කුස නිවන්නට
කැද වතුර නැති
නවම් මාසෙට
අභිමනක් වෙති
ආසියාවේ වැරහැල්ල ඇති
සිතියමේ සායමත්
බොද වෙති
උතුරු දකුණෙන්
බෙදී සතුරු
ගලා ගිය වග
දුටිමු රුහිරු
මිතුරු දාමෙට
ගෙනා මුගුරු
අදත් මායිම්
තැනූ පවුරු
කැලෑ ගති ගුණ
මඟ හැරී නැත
පෙරලමින් හුරු
පැරණි පෙල පොත
සඟව ගෙන එයි
අදත් විෂ දත
පමා ගමනකි
නව ලොවක් වෙත
නැවුම් පාරක
දකියි සරතැස
අලුත් වෙනු දැක
නඟයි උදහස
මඩිය තරවූ කළට
මඳහස
කොහිද කිව මැන
රටට නිදහස
බහින්නද
වංග නුවරට
දුවන්නද
නිදහසක්
ගැන හිතන්නද
කාට මේ දුක
කියන්නද
කුස නිවන්නට
කැද වතුර නැති
නවම් මාසෙට
අභිමනක් වෙති
ආසියාවේ වැරහැල්ල ඇති
සිතියමේ සායමත්
බොද වෙති
උතුරු දකුණෙන්
බෙදී සතුරු
ගලා ගිය වග
දුටිමු රුහිරු
මිතුරු දාමෙට
ගෙනා මුගුරු
අදත් මායිම්
තැනූ පවුරු
කැලෑ ගති ගුණ
මඟ හැරී නැත
පෙරලමින් හුරු
පැරණි පෙල පොත
සඟව ගෙන එයි
අදත් විෂ දත
පමා ගමනකි
නව ලොවක් වෙත
නැවුම් පාරක
දකියි සරතැස
අලුත් වෙනු දැක
නඟයි උදහස
මඩිය තරවූ කළට
මඳහස
කොහිද කිව මැන
රටට නිදහස