සැරද! සක්‍රය
අසුන මාරු කල පසු ඔබ සුවෙන්ද
තිස්සෙම පාස්චාත් භාගය රත් වෙනු වෙනුවට
මාරු කල ලී පුටුව සැපක්ද
ආරංචියේ හැටියට
ලී පුටුවත් කුෂන් කලබව සැබෑද
ඔතරම්ම සැපක් පාස්චාත් භාගයකට
අනේ ඉතින් මක් කරන්නද දෙවියෝ නෙව
එහෙමද
මේසා වද කරදර මැද
ඔබවත් සැපේ ඉන්නා එකම මදිද
වෙන්නා තරම් අකටයුතු වෙද්දී
පස්සක් උනත් ඔය හැටි රත් කල හැක්ද
එකක් දෙකක්ද නෑ නොවෙද
එළව කෝටියක් දුක් අඳෝනා
ඔයින් බේරිලා ඉන්නවා මදිද
දුක් කරදර වලට අපිම දෙවියනේ කියා
අපි හිත හදාගෙන ඉන්නවා
ඔබ තුමා අහක් කර
දෙවියනේ කීවාට
තිස් තුන් කෝටියක් උන්නට
එයාලටත් හරි ප්‍රශ්න මයෙ හිතේ
අපේ ප්‍රශ්න අපි බලා ගන්නම්
කොහොමහරි
ඔබතුමා තිස්තුන් කෝටිය කෙසේ වෙතත්
ආසනේ රැකගෙන පරෙස්සමෙන් ඉන්න
දෙවි පිහිටයි බුදු සරනයි.
නර පනුවා වෙත .
ලියපු ලියුම වැදිලා මට තුවාලයි.....
අනේ නරය
උඹලා කියන කියන විදිහට ඉන්න
මම කවුද
හිතාපං පොඩ්ඩක්
ලෝකෙ පුරා ඉන්න බොලාගෙ එවූවො
දවසකට අඬන ඇඬිල්ලක්
හිතාපං කොහොමද අර පඬුපුලේ ඉන්නෙ
එකම එක විනාඩියක්
පාස්චාත් බාගෙ ගන්න දෙයක් නෑ
විනාඩිය ගානෙ යදින යැදිල්ලට
බැන්නත් යදිනව
කන්න නැතත් යදිනව
සල්ලි නැතත් යදිනව
එකී මෙකී නොකී
ඔක්කොටම යදිද්දි
හිතාපං මං ගැනත්
බොලාල ඉතින් දෙවියෙක්ගෙ හරි
හොයන්නෙ වැරදිමයි
දෙයක් කියන්න කලින් දෙපාරක් හිතපං
බොලා දෙන පින් ටික නැත්නම්
මාත් චුතවෙලා සෑහෙන කල්
යදින්න කලින් ආයෙ පොඩ්ඩක්
මා ගැනත් හිතපං
කරන්න බැරි දේවල් අතහැරල
අපි බෝම කල්
ඒකයි ආසනේ විතරක්
දෙවු ලොව වෙන තැනක තියෙන්නෙ
ඒක දැක්කත් අපුලයි බං.
පරෙස්සමෙන් ඉඳහල්ල
මාත් චුත වෙන්න බලං ඉන්නෙ.
ප .ලි
දුකකදි පින්සිද්දවෙයි මාව අමතක කරාපං.
තිස්සෙම පාස්චාත් භාගය රත් වෙනු වෙනුවට
මාරු කල ලී පුටුව සැපක්ද
ආරංචියේ හැටියට
ලී පුටුවත් කුෂන් කලබව සැබෑද
ඔතරම්ම සැපක් පාස්චාත් භාගයකට
අනේ ඉතින් මක් කරන්නද දෙවියෝ නෙව
එහෙමද
මේසා වද කරදර මැද
ඔබවත් සැපේ ඉන්නා එකම මදිද
වෙන්නා තරම් අකටයුතු වෙද්දී
පස්සක් උනත් ඔය හැටි රත් කල හැක්ද
එකක් දෙකක්ද නෑ නොවෙද
එළව කෝටියක් දුක් අඳෝනා
ඔයින් බේරිලා ඉන්නවා මදිද
දුක් කරදර වලට අපිම දෙවියනේ කියා
අපි හිත හදාගෙන ඉන්නවා
ඔබ තුමා අහක් කර
දෙවියනේ කීවාට
තිස් තුන් කෝටියක් උන්නට
එයාලටත් හරි ප්‍රශ්න මයෙ හිතේ
අපේ ප්‍රශ්න අපි බලා ගන්නම්
කොහොමහරි
ඔබතුමා තිස්තුන් කෝටිය කෙසේ වෙතත්
ආසනේ රැකගෙන පරෙස්සමෙන් ඉන්න
දෙවි පිහිටයි බුදු සරනයි.
නර පනුවා වෙත .
ලියපු ලියුම වැදිලා මට තුවාලයි.....
අනේ නරය
උඹලා කියන කියන විදිහට ඉන්න
මම කවුද
හිතාපං පොඩ්ඩක්
ලෝකෙ පුරා ඉන්න බොලාගෙ එවූවො
දවසකට අඬන ඇඬිල්ලක්
හිතාපං කොහොමද අර පඬුපුලේ ඉන්නෙ
එකම එක විනාඩියක්
පාස්චාත් බාගෙ ගන්න දෙයක් නෑ
විනාඩිය ගානෙ යදින යැදිල්ලට
බැන්නත් යදිනව
කන්න නැතත් යදිනව
සල්ලි නැතත් යදිනව
එකී මෙකී නොකී
ඔක්කොටම යදිද්දි
හිතාපං මං ගැනත්
බොලාල ඉතින් දෙවියෙක්ගෙ හරි
හොයන්නෙ වැරදිමයි
දෙයක් කියන්න කලින් දෙපාරක් හිතපං
බොලා දෙන පින් ටික නැත්නම්
මාත් චුතවෙලා සෑහෙන කල්
යදින්න කලින් ආයෙ පොඩ්ඩක්
මා ගැනත් හිතපං
කරන්න බැරි දේවල් අතහැරල
අපි බෝම කල්
ඒකයි ආසනේ විතරක්
දෙවු ලොව වෙන තැනක තියෙන්නෙ
ඒක දැක්කත් අපුලයි බං.
පරෙස්සමෙන් ඉඳහල්ල
මාත් චුත වෙන්න බලං ඉන්නෙ.
ප .ලි
දුකකදි පින්සිද්දවෙයි මාව අමතක කරාපං.