Prof Indika Thilakumara Faculty of Dental Sciences, University of Peradeniya

2024 ඔක්තෝබර් කලාපය

ස්වෙත්ලානා

ප්‍රේම ලොවේ ඇඳුරු තුමිය
උජ්ජ්වලිත ස්වෙත්ලානා
බැඳුනු යදම් අත නොහැරම
ආපහු යන් ස්වෙත්ලානා

ප්‍රේම කතා කියවන්නට
බසක් කුමට ස්වෙත්ලානා
කේත යොදන් කියපු කතා
තව මතකද ස්වෙත්ලානා

ලෙනින්ස්කි කඳු ගැටිය මත්තේ
මොස්කව් ගඟ හිමායිතව
නෙත ගැටෙනා ඉස්මත්තේ
බංකුව ඇති ස්වෙත්ලානා

ඉඳහිට වත් වෙද ගෙදරට
ලියනවාද ස්වෙත්ලානා
දුගේ පොඩි පැටවුන් හා
තරු ගැන්නද ස්වෙත්ලානා

ලොවට හොරෙන් හද ගැහිච්ච
යෞවනයේ වර්ණිත පෙම
ඇත්තම දැයි බලා ගන්න
මමත් එනවා ස්වෙත්ලානා
View Poem