නයනශාන්ති දිසානායක

2025 මාර්තු කලාපය

(අ)මතක බණ

හත් දවස සපිරෙයි

කිවු මතක බණ නිමවෙයි

පින්වතුන මඟ එයි

සීනි මුල මුල ගෙට එකතුවෙයි



සුජීවත් කාලේ

මළ සේ පාළු වේලේ

නොදී පෑ ලීලේ

දෝර ගැලුවා මෙදා ආලේ



දොඩමින් ම රහසින

කසු කුසු ය ඉද තැන තැන

කී වන්සේ නුගුණ

තළු මරවමින් ම බත් වෑංජන



සුරා රස පදමේ

අඳුරු රිය තුළ බැඳුමේ

මිතුරු හමුවක රැකුමේ

පිණක් කර ගත්තාද සෝමේ



නියත නම් මරණය

කිම තැවෙනුය කාරණය

විද මෙබඳු දවසය

දනන් සේ විසී කේතුමතිය
View Poem