කුසුම් බස්නායක මාතලේ , රත්තොටින්

2025 ජුලි කලාපය

සසර..

(මේ මස සිදුවු ගුවන් අනතුරේ සංවේදී සිද්ධියක තේමාකොට ලීවෙමි.)

නොනිමි සසරේ සුතඹු හිමි වී
මෙහෙම ඉන්න ඇතී
පුරන පාරමි නීමා වීදෝ
නැවත යන්න ඇතී.

සුවහසක් දිවි පැතුම් පොදි බැද
සෙනහසේ රන් මාළිගා තැනු
නිමේෂයකදී නොසිතු අයුරින්
ලොවම හඬවා ගිනි පුලිඟු වී
අලු යටම සැඟවුනා දෝ.

කුළ මලද බල ඉසුරු හමුවේ
පතන ආශා හෙලන දා බිඳු
දිවියෙ කෙටිබව නොදැන දෝ අපි
මිරිඟු දියවෙත ලුහු බැඳින මග
අත් හැරිය යුතු නොවේදෝ


කුසුම් බස්නායක.
රත්තොටින්
View Poem