සයුරු ඉමේ සිරිලක පෙරදිග අරිසිමලේ
සයුරු ඉමේ සිරිලක පෙරදිග අරිසිමලේ
මැදින් පෝයදා බොදු අසිරිදිලේ .......
වෙළඳ දෙබෑයන් තපස්සුභල්ලුක බුදුන් දවසේ එදා
කේශධාතු තැන්පත්කර සැදූ හරිගඩු සෑ රදුන් මෙදා
හැඩවැඩකර සුවඳ දිදී කුසුම් පහන්වැටි පුදා
අරිසිමලේ සෑය දිලේ සඳකිරණින් මැදින් පෝයදා
ගනඳුර මකා පෙරදිග කොන සාගර වෙරළේ
සඳරැස් බෙදන සඳ නිසායම සිව්දෙස වැල්ලේ
මැදින් පෝයදා අඹරට සඳ නැගෙනා වේලේ
වෙහෙර දිලේවි නැහැවී සඳ දියෙන් අරිසිමලේ
සමිඳුන් අපේ ගඟසිරිපුර හිමි ධම්මාලෝක
පෙරමුණ ගෙන වැඩ කරන්න රටවට නේක
මග ගෙවා ගිහින් දුර සැතපුම් සිය ගානක
අරිසිමලේ හැඩකෙරුවා තව සුභ මොහොතක
ලබාගෙන සහය රටවැසි ලෝවැසි මිනිසුන්ගේ
ගෙන්වාගෙන අවැසි දෑ ඈතින් දුරු මගදිගේ
කරවා වෙහෙර මළුවද නෙක අඩුපාඩු අගේ
පිදුවේ බොදු දනන්වෙත වැඳ යන්නට බුදුමගේ
හාමුදුරුවෝ වඩිනාවිට සයුරු ඉමදිගේ අරිසිමලේ
අහඹු ලෙසින් නෙත ගැටිලා වෙහෙර අරිසිමලේ
සිතට නැගී සිතුවිල්ලෙන් දෙන්නට යලි ජීවබලේ
නිමකර අඩුපාඩු දැයට පිදුවා සෑ මලුව අරිසිමලේ
සෙල්මුවා පිළිමෙ අඟල් හැටක් උසට නිමවෙලා
මුරගල් යුගලය පිවිසුමේ දෙ නවතලා
සඳකඩපහනින් හැඩ මළුවට තවත් වැඩිකලා
සැදුවේ සැලසුම් සැකසුම් සඳගිරිය බලාලා
ගිණියම් හිරු රැසින් නැහැවී වගුරා දහඩිය මුගුරු
සෑමළුවට ඇතුරුවේ මහ කඵගල් පතුරු විසිතුරු
සැමදෙන එකතුව මනුදන වීලා මිතුරු
අරිසිමලේ හැඩකල පින් මතු වේවි ඉතුරු
මැදින් පෝයදා බොදු අසිරිදිලේ .......
වෙළඳ දෙබෑයන් තපස්සුභල්ලුක බුදුන් දවසේ එදා
කේශධාතු තැන්පත්කර සැදූ හරිගඩු සෑ රදුන් මෙදා
හැඩවැඩකර සුවඳ දිදී කුසුම් පහන්වැටි පුදා
අරිසිමලේ සෑය දිලේ සඳකිරණින් මැදින් පෝයදා
ගනඳුර මකා පෙරදිග කොන සාගර වෙරළේ
සඳරැස් බෙදන සඳ නිසායම සිව්දෙස වැල්ලේ
මැදින් පෝයදා අඹරට සඳ නැගෙනා වේලේ
වෙහෙර දිලේවි නැහැවී සඳ දියෙන් අරිසිමලේ
සමිඳුන් අපේ ගඟසිරිපුර හිමි ධම්මාලෝක
පෙරමුණ ගෙන වැඩ කරන්න රටවට නේක
මග ගෙවා ගිහින් දුර සැතපුම් සිය ගානක
අරිසිමලේ හැඩකෙරුවා තව සුභ මොහොතක
ලබාගෙන සහය රටවැසි ලෝවැසි මිනිසුන්ගේ
ගෙන්වාගෙන අවැසි දෑ ඈතින් දුරු මගදිගේ
කරවා වෙහෙර මළුවද නෙක අඩුපාඩු අගේ
පිදුවේ බොදු දනන්වෙත වැඳ යන්නට බුදුමගේ
හාමුදුරුවෝ වඩිනාවිට සයුරු ඉමදිගේ අරිසිමලේ
අහඹු ලෙසින් නෙත ගැටිලා වෙහෙර අරිසිමලේ
සිතට නැගී සිතුවිල්ලෙන් දෙන්නට යලි ජීවබලේ
නිමකර අඩුපාඩු දැයට පිදුවා සෑ මලුව අරිසිමලේ
සෙල්මුවා පිළිමෙ අඟල් හැටක් උසට නිමවෙලා
මුරගල් යුගලය පිවිසුමේ දෙ නවතලා
සඳකඩපහනින් හැඩ මළුවට තවත් වැඩිකලා
සැදුවේ සැලසුම් සැකසුම් සඳගිරිය බලාලා
ගිණියම් හිරු රැසින් නැහැවී වගුරා දහඩිය මුගුරු
සෑමළුවට ඇතුරුවේ මහ කඵගල් පතුරු විසිතුරු
සැමදෙන එකතුව මනුදන වීලා මිතුරු
අරිසිමලේ හැඩකල පින් මතු වේවි ඉතුරු