සමනල සඳෙස - 25
දත යුතු කරුණු ගොමුව - 22
දළදා හිමි සෙවන
439. කඳුමානේ තැනින් - තැන හෙල් වැටි අතරේ
සඳපානේ ගමන් දැන යන්නෙ ද අතුරේ
හදතානේ හොරෙන් පැන් සවි ගත් පොකුරේ
රක්වානේ ළඳුන් ගැන කියවෙයි මිතුරේ
440. මල් - මල් ළඳුන්ගේ කෝමල වතට වැටී
කැණ්-කැණ් ළහිරු රැස හැමතට වැටෙන හැටී
රත්වන් ලවන් පෙති අතරෙහි සිනා කැටී
ඇත්නම් සවන් තුළ පිළිරැව් දීම වටී
441. සමනල කැමති නොවුණත් ඉවසා පන්න
යා යුතු මඟ දිගයි සිත දැඩි කර ගන්න
රක්වානේ අඹුව හද තුළ බැස ඉන්න
රැකගෙන පැල්මඩුලු තැන්නට ඔබ යන්න
442. දිගු ඉතිහාසයක තතු දොර විර කර
වගු කර කියන්නට ඇති මුත් සවිස්තර
ගිගු නද දෙමින් තේවා හඬ ඇසුණු මුර
ලගු කොට කියමි දළදා හිමි වැඩිය දුර
443. ගැමි උවසුවකුගේ නෙත් මානෙට වැටුණූ
බැමි ගල් ගරා ගිය වෙහෙරක හැඩ තිබුණූ
තැවි-තැවි නොයිඳ පුද සැලකිලි කොට බැඳුණූ
සවි - මත් වී ය පසු රජ නෙත - සිත සැදුණූ
444. සදහම් සුවඳ පතුරන්නට රුවන් පුරේ
සදහම් මිහිර ගෙනදුන් තැන් බැතින් පිරේ
සදහම් මඟ උගත් යතිවරුනටත් දමේ
සදහම් ගුණ සිතින් නිති අපෙ සිරස නැමේ
445. සාදා මැදුරු වැඩ සිටි එ ද ඇදුරුතුමන්
පාදා නිසරු මඟ එළිකොට රුසිරි ලෙවන්
බාදා පතුරු හැර දම්රද රැකෙන තෙදින්
ආදා සතුරු බිඳ දැම්මේ සුහද ලෙසින්
446. සොයනු ඉතින් සමනල නුඹ වෙහෙර වැඳ
බලනු - අසනු විස්තර වැඩි දුරට සොඳ
සිතනු - බඳින පදවැල් දෙන මිහිරි නඳ
ගයනු පැල්මඩුලු කවි කර ගෙතුණු සඳ
2025.06.01
දළදා හිමි සෙවන
439. කඳුමානේ තැනින් - තැන හෙල් වැටි අතරේ
සඳපානේ ගමන් දැන යන්නෙ ද අතුරේ
හදතානේ හොරෙන් පැන් සවි ගත් පොකුරේ
රක්වානේ ළඳුන් ගැන කියවෙයි මිතුරේ
440. මල් - මල් ළඳුන්ගේ කෝමල වතට වැටී
කැණ්-කැණ් ළහිරු රැස හැමතට වැටෙන හැටී
රත්වන් ලවන් පෙති අතරෙහි සිනා කැටී
ඇත්නම් සවන් තුළ පිළිරැව් දීම වටී
441. සමනල කැමති නොවුණත් ඉවසා පන්න
යා යුතු මඟ දිගයි සිත දැඩි කර ගන්න
රක්වානේ අඹුව හද තුළ බැස ඉන්න
රැකගෙන පැල්මඩුලු තැන්නට ඔබ යන්න
442. දිගු ඉතිහාසයක තතු දොර විර කර
වගු කර කියන්නට ඇති මුත් සවිස්තර
ගිගු නද දෙමින් තේවා හඬ ඇසුණු මුර
ලගු කොට කියමි දළදා හිමි වැඩිය දුර
443. ගැමි උවසුවකුගේ නෙත් මානෙට වැටුණූ
බැමි ගල් ගරා ගිය වෙහෙරක හැඩ තිබුණූ
තැවි-තැවි නොයිඳ පුද සැලකිලි කොට බැඳුණූ
සවි - මත් වී ය පසු රජ නෙත - සිත සැදුණූ
444. සදහම් සුවඳ පතුරන්නට රුවන් පුරේ
සදහම් මිහිර ගෙනදුන් තැන් බැතින් පිරේ
සදහම් මඟ උගත් යතිවරුනටත් දමේ
සදහම් ගුණ සිතින් නිති අපෙ සිරස නැමේ
445. සාදා මැදුරු වැඩ සිටි එ ද ඇදුරුතුමන්
පාදා නිසරු මඟ එළිකොට රුසිරි ලෙවන්
බාදා පතුරු හැර දම්රද රැකෙන තෙදින්
ආදා සතුරු බිඳ දැම්මේ සුහද ලෙසින්
446. සොයනු ඉතින් සමනල නුඹ වෙහෙර වැඳ
බලනු - අසනු විස්තර වැඩි දුරට සොඳ
සිතනු - බඳින පදවැල් දෙන මිහිරි නඳ
ගයනු පැල්මඩුලු කවි කර ගෙතුණු සඳ
2025.06.01