සමනල සඳෙස - 2
මග වැණුම 1
11. නැගෙන හිරු දිසා බල නැකැතට ම සොඳින්
ගැයෙන ගීතිකා අසමින දොළට හොරෙන්
කියන සුරල් සුළගට මුසු කරන පෙමින්
සවන යොමනු මැන කෙතට ද නැමැද හිසින්
12. ඇසේ දිසේ ගයනා ගී නෙක විහඟුන්
දිසේ විසේ බසිනා මී දියට පෙමින්
පැසේ රැසේ රුවනා කෙත් ගොඩින්- මඩින්
එසේ තොසේ දුවනා ගම්ලියො එගොඩින්
13. පිරෙන වා තලය බුදු හිමිගේ දහමින්
අසන වළා මත හිද සුරණන් සමගින්
දිළෙන රන් කොතේ ගබ වට තෙවර මෙතින්
ලෙලෙන බෝ සමිදු වැද අවසරය පතන්
14. රති රතු - කස් - රොසන - නිල් - දම් - සුදු අඟනුන්
වෙති තැන - නොතැන පිපි දැකුමට පෙත් සදමින්
ගති මත් දැකුම්කලු පුරඹුන් එ වණ් සොදින්
තැති නොගනිමින් සලපන් පියපත් එ මැදින්
15. පින් මද ලියන් විකසිත වෙත් තැනැ වදුලේ
නන් කොද කුමුදු නොපිපෙත ගෙදොරක මිදුලේ
වන් වැද ගනුව සිරි පා මගට ගන් තලේ
උන් මදහාසෙ දකු සැඟ වී වළා කුලේ
16. මන් බදනා සිත් ගැනෙනා එ වන් ලෙවන්
කන් පිනෙනා ගත් ලලනා බසින් පෙමින්
පුන් සඳිනා පත් දිලෙනා දළෙන් කොණෙන්
දුන් සොදිනා වත් බදනා තොලෙන් රතෙන්
17. නිල්ල කරල කොමලිය කෙත් වළල්ලයි
තැල්ල විමල කමලිය රැල් “ළ” වැල්ලයි
සුනිල උදුල පෙමලිය පන් පැළැල්ලයි
නිමල කොමල ගමලිය මා “ළ” පල්ලයි
18. විඳ - විඳ සිසිල ගගනත කෙත් දිලෙනයුරූ
සොඳ - සොඳ විසුල සරණත පත් සැලෙනයුරූ
කොඳ -බොඳ විපුල වුවනත නෙත් කැවෙනයුරූ
සිඳ - බිඳ තැවුල හදවත තත් ගැයෙනයුරූ
19. කුකුළන් හඬයි හඩලන හඬ ගමේ දුවයි
විහගුන් හැඩයි බඹරුන් නට-නටා ගයයි
සුරගුන් පෙළයි සමනල් මල් රටා වියයි
බරුවන් ගැළයි කමතයි කවි මුවේ නටයි
20. ළහිරු රැසින් නැහැවෙත සද සිතට ගෙනා
වදුළ මැද තැනින්-තැන මල් කැකුළු පිනා
දොලක නැගෙත කසු-කුසුහඩ මුසු ව මනා
අසනු උපන් පින්බර මගෙ ගමෙහි සිනා
21. බුදු රුව පතුල සතපන අරලියා මලී
පසුයම පුබුදු වන සේපාලිකා මලී
සඳුරැස දකිනු කැමති ව සුදු කුමුදු මලී
සපුමලි වන මලී බල නිදිකුම්බ මලී
22. සුළඟට නැගී ඉවුරට ළං වෙන රැල්ල
ගෙලවට දැමූ රන් පට සේ වෙයි එල්ල
කෙත - වැට - හේන සිඹ එන මදනල කෙල්ල
මට-බොට කතා නැතිකොට කෙරුවෙ ද මෙල්ල
23. අඩියෙන් - අඩිය තබමින් මා ගිය පාරේ
වැඩියෙන් තිබුණු වල්පැල කටුගස් තීරේ
සැදුණෙන් දෙපස මග එළි කරමින් හූරේ
සැකයෙන් නොයනු ගම කලඑළියයි මීරේ
24. කරුවල ගැසුණු වතුවල රබර ගස් වට
ගිනිමල නැත පිපිරුමට විසුල පස් යට
තුරුවල පැහෙන පලබර මිහිර හිස්කොට
ගත කළ මැනැවි සිත් සේ ගිම් ද අස්කොට
25. දුම් ගුලි එකතු කර පිඹිමින් අගුරු කකා
නිරතුරු කොළොම්පුර සිට ගමනෙහි ම තකා
යන විට දුටුව හොත් කෙත් කිති කවා මෙකා
දැක ගනු සොදුරුකම ගෙන එන යකඩ යකා
26. පෙරතුව ඉබි ගමන් වග මං-තොට පෑවේ
කඩතුව හැදුණු ලෙස වල-ගොඩැලි ද සීවේ
හැඩරුව බලනු නෙතුහැර සුමිතුර ජීවේ
උමතුව අධි මගට සපැමිණ කොට්ටාවේ
27. පෙර හුරු ගමන් මග නොව අද ගම මැද්දේ
තෙර දුරු කෙළෙන් නැත කටු පඳුරක් බැද්දේ
වෙර පිරු බෙලෙන් බල ගම්ලියනගෙ සද්දේ
මෙර විරු කෙමෙන් බිම තැබු බැඳි හිස මැද්දේ
28. ගම හෝ මාය පිටිපන ගල ගෙදර තතූ
විම නක පාය ගැතිවන නැතිකමට පැතූ
ඉම මිණි කාය මිහි රන-රුවනාර ගෙතූ
සම ඉව සාය මග මන සිහි බෙලෙන් මතූ
29. මඩගම නොවේ ගොඩ වටරැක මැදින් ගියොත්
මඩියම පේවි වැඩියෙන් මී බමනෙ යතොත්
වැල්ලට හමේ ගමටත් කොස් පිටියෙ පුවක්
වෙල්ලට අවිශ්වාසය නැති වුව ද ගමක්
30. සමනල මිතුර ගමනෙහි මග ලකුණු කළ
කලබල නොකර වෙනසකි යළි බලනු මුළ
අබමල විතර ඇටයක් සේ තිබුණු මොළ
දිවිතල අතර පරතර සිද දියුණු කළ
31. රජවරු යතිවරු ද සඟ සුරු පෙර දවසේ
ගොවිවරු වෙද ගුරු ද කම් කරු රජ දවසේ
විරුවරු රට දැයට සෙත් කෙරුවෝ එ රැසේ
තෙද දැරු ඒ ලෙවන් අමතක කරමු කෙසේ
32. රුවන්පුර බලා යන වග මැදින් එ සා
උතුරට හැරී දස යොදුනක් ගෙවා ම හා
නුවරට ළගා වෙන කඩුගන්නාව දෙ සා
බලමින් හිරුත් නැගඑන මග වඩිනු ව හා
33. කර වන ඇල්ල තොට යටියන එක - එල්ලේ
ගමනට බැල්ම උතුරින් සිට විම - සිල්ලේ
එතැනට කැල්ම හෙලුවත් අග - නේපල්ලේ
කෙළවර ඇල්ම එතැන ය මග සැන - සිල්ලේ
34. වැල්ලෙන් රුවන් හරි මැද සිට උතුර කලා
පිටගදෙණිය ගලිගමු තෙක් පියා සලා
එහි කෙළවරෙහි ඇති කදු - ගල් ගමේ කලා
දැක ගනු සබඳ පැවසෙන තතු හොදින් බලා
35. දැන් නුඹ ගමන් ගන්නේ කෑ - ගල පැත්තේ
තැන් - තැන්වලින් පැනැ ගිය රජු එහි නැත්තේ
කන් දී සොදින් සැමට ම දැන තතු මත්තේ
“රන් කරඬුව ” සොයනු අද කොහිදැයි ඇත්තේ
36. හරි හැටි දැනගනුව විස්තර අසාපන්
හරි හැටි දන්න දන හමුවෙයි සොයාපන්
හරි හැටි පැටිකිරිය රස කර අනාපන්
හරි හැටි නොදත් දෑ හෙළිවෙයි කියාපන්
37. සමනල සබඳ තතු දැන පිළිවෙලට මතූ
ගොනු කළ යුතු ය එකිනෙක නිසි ලෙසට තතූ
පසු කල වුව ද කවිකොට මතු කරන ගතූ
මග වල නොවැටි ඉදිරියෙදිත් කිවිය යුතූ
38. ඔව - දන සිතේ තදකොට ගළපා හැබැහින්
දග - දන සුලං රළ අඹරා පත් සගලින්
ඇස - නැණ යොමා සවි බලගෙන තුන් සරණින්
තතු දැන කියනු මැන සමනල හැකි තරමින්
(මතු සම්බන්ධයි.)
11. නැගෙන හිරු දිසා බල නැකැතට ම සොඳින්
ගැයෙන ගීතිකා අසමින දොළට හොරෙන්
කියන සුරල් සුළගට මුසු කරන පෙමින්
සවන යොමනු මැන කෙතට ද නැමැද හිසින්
12. ඇසේ දිසේ ගයනා ගී නෙක විහඟුන්
දිසේ විසේ බසිනා මී දියට පෙමින්
පැසේ රැසේ රුවනා කෙත් ගොඩින්- මඩින්
එසේ තොසේ දුවනා ගම්ලියො එගොඩින්
13. පිරෙන වා තලය බුදු හිමිගේ දහමින්
අසන වළා මත හිද සුරණන් සමගින්
දිළෙන රන් කොතේ ගබ වට තෙවර මෙතින්
ලෙලෙන බෝ සමිදු වැද අවසරය පතන්
14. රති රතු - කස් - රොසන - නිල් - දම් - සුදු අඟනුන්
වෙති තැන - නොතැන පිපි දැකුමට පෙත් සදමින්
ගති මත් දැකුම්කලු පුරඹුන් එ වණ් සොදින්
තැති නොගනිමින් සලපන් පියපත් එ මැදින්
15. පින් මද ලියන් විකසිත වෙත් තැනැ වදුලේ
නන් කොද කුමුදු නොපිපෙත ගෙදොරක මිදුලේ
වන් වැද ගනුව සිරි පා මගට ගන් තලේ
උන් මදහාසෙ දකු සැඟ වී වළා කුලේ
16. මන් බදනා සිත් ගැනෙනා එ වන් ලෙවන්
කන් පිනෙනා ගත් ලලනා බසින් පෙමින්
පුන් සඳිනා පත් දිලෙනා දළෙන් කොණෙන්
දුන් සොදිනා වත් බදනා තොලෙන් රතෙන්
17. නිල්ල කරල කොමලිය කෙත් වළල්ලයි
තැල්ල විමල කමලිය රැල් “ළ” වැල්ලයි
සුනිල උදුල පෙමලිය පන් පැළැල්ලයි
නිමල කොමල ගමලිය මා “ළ” පල්ලයි
18. විඳ - විඳ සිසිල ගගනත කෙත් දිලෙනයුරූ
සොඳ - සොඳ විසුල සරණත පත් සැලෙනයුරූ
කොඳ -බොඳ විපුල වුවනත නෙත් කැවෙනයුරූ
සිඳ - බිඳ තැවුල හදවත තත් ගැයෙනයුරූ
19. කුකුළන් හඬයි හඩලන හඬ ගමේ දුවයි
විහගුන් හැඩයි බඹරුන් නට-නටා ගයයි
සුරගුන් පෙළයි සමනල් මල් රටා වියයි
බරුවන් ගැළයි කමතයි කවි මුවේ නටයි
20. ළහිරු රැසින් නැහැවෙත සද සිතට ගෙනා
වදුළ මැද තැනින්-තැන මල් කැකුළු පිනා
දොලක නැගෙත කසු-කුසුහඩ මුසු ව මනා
අසනු උපන් පින්බර මගෙ ගමෙහි සිනා
21. බුදු රුව පතුල සතපන අරලියා මලී
පසුයම පුබුදු වන සේපාලිකා මලී
සඳුරැස දකිනු කැමති ව සුදු කුමුදු මලී
සපුමලි වන මලී බල නිදිකුම්බ මලී
22. සුළඟට නැගී ඉවුරට ළං වෙන රැල්ල
ගෙලවට දැමූ රන් පට සේ වෙයි එල්ල
කෙත - වැට - හේන සිඹ එන මදනල කෙල්ල
මට-බොට කතා නැතිකොට කෙරුවෙ ද මෙල්ල
23. අඩියෙන් - අඩිය තබමින් මා ගිය පාරේ
වැඩියෙන් තිබුණු වල්පැල කටුගස් තීරේ
සැදුණෙන් දෙපස මග එළි කරමින් හූරේ
සැකයෙන් නොයනු ගම කලඑළියයි මීරේ
24. කරුවල ගැසුණු වතුවල රබර ගස් වට
ගිනිමල නැත පිපිරුමට විසුල පස් යට
තුරුවල පැහෙන පලබර මිහිර හිස්කොට
ගත කළ මැනැවි සිත් සේ ගිම් ද අස්කොට
25. දුම් ගුලි එකතු කර පිඹිමින් අගුරු කකා
නිරතුරු කොළොම්පුර සිට ගමනෙහි ම තකා
යන විට දුටුව හොත් කෙත් කිති කවා මෙකා
දැක ගනු සොදුරුකම ගෙන එන යකඩ යකා
26. පෙරතුව ඉබි ගමන් වග මං-තොට පෑවේ
කඩතුව හැදුණු ලෙස වල-ගොඩැලි ද සීවේ
හැඩරුව බලනු නෙතුහැර සුමිතුර ජීවේ
උමතුව අධි මගට සපැමිණ කොට්ටාවේ
27. පෙර හුරු ගමන් මග නොව අද ගම මැද්දේ
තෙර දුරු කෙළෙන් නැත කටු පඳුරක් බැද්දේ
වෙර පිරු බෙලෙන් බල ගම්ලියනගෙ සද්දේ
මෙර විරු කෙමෙන් බිම තැබු බැඳි හිස මැද්දේ
28. ගම හෝ මාය පිටිපන ගල ගෙදර තතූ
විම නක පාය ගැතිවන නැතිකමට පැතූ
ඉම මිණි කාය මිහි රන-රුවනාර ගෙතූ
සම ඉව සාය මග මන සිහි බෙලෙන් මතූ
29. මඩගම නොවේ ගොඩ වටරැක මැදින් ගියොත්
මඩියම පේවි වැඩියෙන් මී බමනෙ යතොත්
වැල්ලට හමේ ගමටත් කොස් පිටියෙ පුවක්
වෙල්ලට අවිශ්වාසය නැති වුව ද ගමක්
30. සමනල මිතුර ගමනෙහි මග ලකුණු කළ
කලබල නොකර වෙනසකි යළි බලනු මුළ
අබමල විතර ඇටයක් සේ තිබුණු මොළ
දිවිතල අතර පරතර සිද දියුණු කළ
31. රජවරු යතිවරු ද සඟ සුරු පෙර දවසේ
ගොවිවරු වෙද ගුරු ද කම් කරු රජ දවසේ
විරුවරු රට දැයට සෙත් කෙරුවෝ එ රැසේ
තෙද දැරු ඒ ලෙවන් අමතක කරමු කෙසේ
32. රුවන්පුර බලා යන වග මැදින් එ සා
උතුරට හැරී දස යොදුනක් ගෙවා ම හා
නුවරට ළගා වෙන කඩුගන්නාව දෙ සා
බලමින් හිරුත් නැගඑන මග වඩිනු ව හා
33. කර වන ඇල්ල තොට යටියන එක - එල්ලේ
ගමනට බැල්ම උතුරින් සිට විම - සිල්ලේ
එතැනට කැල්ම හෙලුවත් අග - නේපල්ලේ
කෙළවර ඇල්ම එතැන ය මග සැන - සිල්ලේ
34. වැල්ලෙන් රුවන් හරි මැද සිට උතුර කලා
පිටගදෙණිය ගලිගමු තෙක් පියා සලා
එහි කෙළවරෙහි ඇති කදු - ගල් ගමේ කලා
දැක ගනු සබඳ පැවසෙන තතු හොදින් බලා
35. දැන් නුඹ ගමන් ගන්නේ කෑ - ගල පැත්තේ
තැන් - තැන්වලින් පැනැ ගිය රජු එහි නැත්තේ
කන් දී සොදින් සැමට ම දැන තතු මත්තේ
“රන් කරඬුව ” සොයනු අද කොහිදැයි ඇත්තේ
36. හරි හැටි දැනගනුව විස්තර අසාපන්
හරි හැටි දන්න දන හමුවෙයි සොයාපන්
හරි හැටි පැටිකිරිය රස කර අනාපන්
හරි හැටි නොදත් දෑ හෙළිවෙයි කියාපන්
37. සමනල සබඳ තතු දැන පිළිවෙලට මතූ
ගොනු කළ යුතු ය එකිනෙක නිසි ලෙසට තතූ
පසු කල වුව ද කවිකොට මතු කරන ගතූ
මග වල නොවැටි ඉදිරියෙදිත් කිවිය යුතූ
38. ඔව - දන සිතේ තදකොට ගළපා හැබැහින්
දග - දන සුලං රළ අඹරා පත් සගලින්
ඇස - නැණ යොමා සවි බලගෙන තුන් සරණින්
තතු දැන කියනු මැන සමනල හැකි තරමින්
(මතු සම්බන්ධයි.)