සමනල සදෙස-24
සමනලයා දුටු කඩිසරය
ළඳ රක්වාන 27
431. සීතල සුළං රළ වැල පහසින් පිරුණූ
ගී රස තාල නිබඳව සියොතුන් ගැයුණූ
දී නෙත ගුලාවක මී මල් සේ පිපුණූ
ඈතක දුවයි සිත් දුටු-දුටුවන් දියුණූ
432. වැහි කෝඩයක් ළඟ එන ලකුණක් ලැබුණූ
රැහියන්ගේ අදෝනා අතු අග බිදුණූ
කලු මේ වළා පුපුරා විදුලිය කෙටුණූ
බිහිබත් රසය ගෙන දෙයි හද කිති කැවුණූ
433. ඇඟ කිළි පොලා ගන්වා සිත බියකරු ව
හෙල් වැටි අතර රිංගා යන විට දුරු ව
හමු වන වංගු දහයකි මඟ දිග දැරු ව
පෙන්වයි රක්වාන රසයක නැති හුරු ව
434. සවියේ කලාවට නිබ| ව නගන බෙලෙන්
රසයේ බැඳී ඇත සීතල හමන නලෙන්
විදහා මත් කරන වන මී බිගුන් රළෙන්
පෙන්වයි අසිරිමත් සිරි ඩේලියා මලින්
435. ඇළ - දොළ - ගං - නදී මිණිපුර අවට ඇතී
සපරගමු මව්ගෙ උණුසුම් පෙමෙහි එතී
යට ඇති මිණි-රුවන් මතුකොට හනික නිතී
පෙන්වයි රක්වාන සැම දා සොදුරු ගතී
436. පා වී ගියත් - ආවත් වැහි - වළා - හක
පේ වී තිබේ උණුසුම ගල් - තලා - වක
යා වී ගියෙ ද ගං වතුරට මළා - නික
ඒ වී නොවැටි මේ ලිය ඉන් මුලා - වක
437. කඩිසර ගතිය ඇති කඩිසර ගම්මු සැමා
කැත්තට - උදැල්ලට නිසි ලෙස කරයි පෙමා
කරුණා ගුණය මදහස මෙත සැමට යොමා
ඇත රක්වාන පෙදෙස ම සොම්නසින් තෙමා
438. තරග වැදී කෙරුවත් “එක-ටෙක” විහිලූ
මෙහි පිපි කුසුම් ඈ නැටුවත් පා මුකුලූ
හැම නැටුමක් පරාදයි අරගෙන රුකුලූ
වඩිනා දොරට රක්වානේ මල් කැකුලූ
2025.05.01
ළඳ රක්වාන 27
431. සීතල සුළං රළ වැල පහසින් පිරුණූ
ගී රස තාල නිබඳව සියොතුන් ගැයුණූ
දී නෙත ගුලාවක මී මල් සේ පිපුණූ
ඈතක දුවයි සිත් දුටු-දුටුවන් දියුණූ
432. වැහි කෝඩයක් ළඟ එන ලකුණක් ලැබුණූ
රැහියන්ගේ අදෝනා අතු අග බිදුණූ
කලු මේ වළා පුපුරා විදුලිය කෙටුණූ
බිහිබත් රසය ගෙන දෙයි හද කිති කැවුණූ
433. ඇඟ කිළි පොලා ගන්වා සිත බියකරු ව
හෙල් වැටි අතර රිංගා යන විට දුරු ව
හමු වන වංගු දහයකි මඟ දිග දැරු ව
පෙන්වයි රක්වාන රසයක නැති හුරු ව
434. සවියේ කලාවට නිබ| ව නගන බෙලෙන්
රසයේ බැඳී ඇත සීතල හමන නලෙන්
විදහා මත් කරන වන මී බිගුන් රළෙන්
පෙන්වයි අසිරිමත් සිරි ඩේලියා මලින්
435. ඇළ - දොළ - ගං - නදී මිණිපුර අවට ඇතී
සපරගමු මව්ගෙ උණුසුම් පෙමෙහි එතී
යට ඇති මිණි-රුවන් මතුකොට හනික නිතී
පෙන්වයි රක්වාන සැම දා සොදුරු ගතී
436. පා වී ගියත් - ආවත් වැහි - වළා - හක
පේ වී තිබේ උණුසුම ගල් - තලා - වක
යා වී ගියෙ ද ගං වතුරට මළා - නික
ඒ වී නොවැටි මේ ලිය ඉන් මුලා - වක
437. කඩිසර ගතිය ඇති කඩිසර ගම්මු සැමා
කැත්තට - උදැල්ලට නිසි ලෙස කරයි පෙමා
කරුණා ගුණය මදහස මෙත සැමට යොමා
ඇත රක්වාන පෙදෙස ම සොම්නසින් තෙමා
438. තරග වැදී කෙරුවත් “එක-ටෙක” විහිලූ
මෙහි පිපි කුසුම් ඈ නැටුවත් පා මුකුලූ
හැම නැටුමක් පරාදයි අරගෙන රුකුලූ
වඩිනා දොරට රක්වානේ මල් කැකුලූ
2025.05.01