අනුරාධා ගුණසේකර හොරණ

2025 අගෝස්තු කලාපය

සඳේ තව හිනැහෙන්න

සඳක් නුඹ දුර අහසේ
සිසිලසින් සිත නිව්ව
අඳුරු රැය එළිය කර
නෙතේ කඳුළැලි පිස්ස
අමාවක දවස්වල
අඳුරටම දොස් කිව්ව
මමත් දැන් හිත හදන්
සඳේ තව හිනැහෙන්න

නින්ද නැති පෙර දවස්
හඬා රැය පහන් කල
වින්ද දුක කොච්චරක්
දන්නවා නිදි යහන
රැයක් මේ තරම් දිගු
වෙලා තිබු දවසක
සඳක් දුර අහසේ
හිනැහුනා සොඳුරුව

නෙතු පියාගෙන මහ
පොලොවේම හිනැහෙමි
දුකක් දැනුනෝතින්
සොමිකිරණේ සුව විඳිමි
සඳ වුනත් ලස්සන
අහසේ හිනැහෙන විටදි
හද කවුළු තද කර
වසා නෙත් පියවමි
View Poem