සඳා නමදිමි, බැතින් වැතිරී,........
හේන කෙටුවා, මගේ දෙයියෝ, සිහි කරන් තෙරුවණ හිතේ
මද්දහන් සමයමේ නැග්ගා, හලා හල විස, හිස මතේ
කිරට හඬනා සප්පයා රැක වසන්නට මේ හිමවතේ
ජීවිතේ ගිරිදඹේ තනිවම, වාරු ගන්නට වී ඇතේ
රැක රැකා මම, ඇහැක් හැටියෙන්, කුරුළු පාළුවටත් තියා
පැහෙන පැහෙනා, කිරි කරල් ටික, හොර හොරෙන් බිඳ ගෙන ගියා
ලයිසොමේ නම, නැතැයි කියලා, රාළ ගේ පිළ හිටි නියා
දෙපා නපුරන්, කරන අණ වින, අහෝ බලනුය දුර තියා
අසා මෙ'පවත්, ම'හිත් දවනා, දුකට මා පත් කල විනේ
නසා පිටුදැක, දෙවා අණසක, සපත කරවා කාරනේ
ගෙවා ඉක්මෙන, සත් දිනේ තැන, පුදමි කැප කර ගනිමිනේ
වනේ ගිරි හිස පීරලා දෙමි, ගුරළු මල් හර දෝතිනේ
අරා වැඩ හිඳ, මැණික් ඟං තෙර, නැඟි මයුරසුන වාහනේ
නිතින් සිහි කොට ඔබේ නාමෙට, ම'පින් අනුමෝදන් වුනේ
මුරේ නෑරම, අළුත් මුරුතැන්, පුදට කැප කොට පේ උනේ
සඳා නමදිමි, බැතින් වැතිරී, සුරිදුනේ කඳ සාමිනේ