ලයනල් ගමගේ ඌරුමුත්ත

2024 නොවැම්බර් කලාපය

සඟල හංසයන්

පවනට සෙලවෙන සුළු
හැට්ටය ඇඳි සළුපිළි
ඇති කවුළුව හරි පොඩි
ඒත් දකින දේ ලොකු

සැඟවුණු රන් තිසරුණි
පපු යහනේ සැතපෙති
ඒත් නැගිට ඉගිලෙති
හිතේ තියේ සලකුණු

පොකුණු නැතත් හැඩවුණු
" රූම් " කියා වැතිරෙති
හිරු එළියට දිස්වුණු
දවසක් නැත හමුවුණු

බකමූණෝ පියඹති
කළුවර වී නොපෙනුණි
ඒත් ඇඟේ දැවටුණු
මට අමතක නෑ සුදු
View Poem