සුමනසීල ද සිල්වා එංගලන්තය

2025 පෙබරවාරි කලාපය

වෙන්ව යෑම

තරුවැල් විසිරුණ හැන්දෑවේ
සීතල දුරුතු මහේ
තණඅග පිපි පිණි බිඳුවක්
හෙන ඔබ කොපුලත රඳවා
හැරගිය බව තවම දැනෙයි

අහස ගුගුරා
සඳවතද සැඟවුණි
කිරලා ගං ඉවුරේ හඬ නැගුවෙද
සක්වාලිහිණිය ඉවුර දෙපස හැඩුවද
පාලු මූසල අඳුරු රැයක
ඔබ ද මා හැර ගිය බව
හදවතර දැනුණේ
නුඹේ සුවඳ ද
මාරුතයට එක්වුණු විටය


එදා මෙදා තුර කාව්‍ය සංග්‍රහයෙන් @2024
View Poem