වෙන්වීම
මලක් වගෙ මගෙ දෙමාපියො මා
හැදු වැඩූවේ සෙනෙහසින්
අකුරු කරලා ජය ලැබූවා අභියෝග
කිරි කජු ලෙසින්
ඉහේ මල් පිපුනාම සතුටුයි
දෙමපියන්ගේ හදවතින්
දරු පැටවුගේ ගුරුතුමියක වී
අද සිටිමි මං සැනසෙමින්...🥰
කැමැත්තට මවුපියන්ගේ මං
දුන්නෙ බහ කුලගෙට යමින්
එකින් එක දින ගෙවී යද්දී
කුස මෝරනව දරුවෙක් ඇවිත්
ඔහුත් සතුටින් සිටියෙ කාලය
ගෙවී යන්නේ ඉක්මනින්
දිනෙක මල්පෙති වැනිම සුන්දර
දුවෙක් ලැබුනා සතුට අරන්...🥰
ටිකෙන් ටික කාලය ගෙවෙද්දී
ඔහුගෙ වෙනසක් දුටුවෙ මා
ඇසූවිට කිමෙදැයි කියා ඔහු
පහරදුන්නේ වත පුරා
කුමක් කරනට සිතන්නට බෑ
කදුලු බිදු දෙකොපුල් පුරා....
අපායකි මේ ගෙවන දිවිමග
මටත් දැං එය ඇතිවෙලා....🥺
දිනෙක මහ ගොම්මනේ ඇවිදින්
අමුතු පැනයක් යොමු කලේ
දික්කසාදය ඕනි මට දැන්
ඉක්මනින් එය දෙනු කියා..
නොදරුවා ගැනවත් හිතන්නට
ඇයි නුඹට නොහැකිව ගියේ...
කිමෙද ස්වාමිනි මේ කියන්නේ
වරද කිම මවෙතින් වුනේ....🥺
දූ පැටිය සමගින් මෙමා අද
තනිව ඉන්නේ නුඹ නිසා
කිසි දිනෙක ඇගෙ නෙත ගැටෙන්නට
ඇගෙ ඉදිරියටනම් එනු එපා
යහමගයි මා ඇය යවන්නේ
නිතර ගුණදම් පවසලා
නුඹ වගේ පියතුමෙක්නම්
කිසි දරුවෙකුට හමුවනු එපා....🙏
දික්කසාදය නමින් කරුමය
පලදුන්නෙ මට ඉහපුරා
නොවේවා කිසිවෙකුට මේ වන්
දුකක් සසර වසනා තුරා
අභියෝග එයි සමාජෙන් මට
නමුත් නොසැලෙමි දිවිතුරා
ශක්තිමත් මව ලෙසින් ඉන්නෙමි
දෝනිගේ ළග මියෙනා තුරා...🌸
හැදු වැඩූවේ සෙනෙහසින්
අකුරු කරලා ජය ලැබූවා අභියෝග
කිරි කජු ලෙසින්
ඉහේ මල් පිපුනාම සතුටුයි
දෙමපියන්ගේ හදවතින්
දරු පැටවුගේ ගුරුතුමියක වී
අද සිටිමි මං සැනසෙමින්...🥰
කැමැත්තට මවුපියන්ගේ මං
දුන්නෙ බහ කුලගෙට යමින්
එකින් එක දින ගෙවී යද්දී
කුස මෝරනව දරුවෙක් ඇවිත්
ඔහුත් සතුටින් සිටියෙ කාලය
ගෙවී යන්නේ ඉක්මනින්
දිනෙක මල්පෙති වැනිම සුන්දර
දුවෙක් ලැබුනා සතුට අරන්...🥰
ටිකෙන් ටික කාලය ගෙවෙද්දී
ඔහුගෙ වෙනසක් දුටුවෙ මා
ඇසූවිට කිමෙදැයි කියා ඔහු
පහරදුන්නේ වත පුරා
කුමක් කරනට සිතන්නට බෑ
කදුලු බිදු දෙකොපුල් පුරා....
අපායකි මේ ගෙවන දිවිමග
මටත් දැං එය ඇතිවෙලා....🥺
දිනෙක මහ ගොම්මනේ ඇවිදින්
අමුතු පැනයක් යොමු කලේ
දික්කසාදය ඕනි මට දැන්
ඉක්මනින් එය දෙනු කියා..
නොදරුවා ගැනවත් හිතන්නට
ඇයි නුඹට නොහැකිව ගියේ...
කිමෙද ස්වාමිනි මේ කියන්නේ
වරද කිම මවෙතින් වුනේ....🥺
දූ පැටිය සමගින් මෙමා අද
තනිව ඉන්නේ නුඹ නිසා
කිසි දිනෙක ඇගෙ නෙත ගැටෙන්නට
ඇගෙ ඉදිරියටනම් එනු එපා
යහමගයි මා ඇය යවන්නේ
නිතර ගුණදම් පවසලා
නුඹ වගේ පියතුමෙක්නම්
කිසි දරුවෙකුට හමුවනු එපා....🙏
දික්කසාදය නමින් කරුමය
පලදුන්නෙ මට ඉහපුරා
නොවේවා කිසිවෙකුට මේ වන්
දුකක් සසර වසනා තුරා
අභියෝග එයි සමාජෙන් මට
නමුත් නොසැලෙමි දිවිතුරා
ශක්තිමත් මව ලෙසින් ඉන්නෙමි
දෝනිගේ ළග මියෙනා තුරා...🌸