විරාම ලකුණු
අතෝරක් නැති කතා වැලකට
පීපී හිනැහුන සිනා මලකට
නැවතීමේ ලකුණක්
විසිරෙනා සිතුවිලි වලට
නොවේළුනු කඳුළු බිඳකට
තිත් කොමාවක්
හදේ ගැඹුරුම තැනින් පිටවන
සුසුම් රැල්ලකට
ප්‍රශ්නාර්ථයක්
මැදින් ඉරක් ඇඳ
සීමා මායිම්
ලකුණු කර
සඟල වරහනක කොටු කර
පරිස්සම් කර ගත්
මගේ හිත
Phot credit: Chris Slupski
පීපී හිනැහුන සිනා මලකට
නැවතීමේ ලකුණක්
විසිරෙනා සිතුවිලි වලට
නොවේළුනු කඳුළු බිඳකට
තිත් කොමාවක්
හදේ ගැඹුරුම තැනින් පිටවන
සුසුම් රැල්ලකට
ප්‍රශ්නාර්ථයක්
මැදින් ඉරක් ඇඳ
සීමා මායිම්
ලකුණු කර
සඟල වරහනක කොටු කර
පරිස්සම් කර ගත්
මගේ හිත
Phot credit: Chris Slupski