සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය

2025 පෙබරවාරි කලාපය

විරාගී

බලා ඇස් කොනින්
ගසා හිස සැනින්
මුදා කෙස් අගින්
සිනා පා හසින්

නගා පා සෙමින්
යතී නැළැවෙමින්
උනා සළු ගතින්
ඇදී යන ලෙසින්

සිඳී රාගයෙන්
මිදී පසිඳුරන්
ලැදී නැති දසුන්
හිඳී නිදි සෙයින්
View Poem