විමසුම
හිමිවන මුත් සමනලුන්ට
රූබර අත්තටු යුවල
අහසට හිමි වුණත්
තරු වටකර නිසයුරුව
ලා දලුවකට දැනුණත්
පිනි බිඳුවක සිසිල
මට හිමි නොවුණේ මන්දෝ
සෙනෙහස් ගඟුලක පහස
මහමෙර පරදවා ගිය
නුඹෙ රාගික ගින්නෙන්
මෝරා වැඩුණි කුස නම්
දරු පෙළකට අඩු නැතුවෙන්
නැසුවේ නැතුවේ ඇයිදෝ
අපවත් ඒ ගින්නෙන්
කෙරුවා නම් දුකක්
නැත උරුමව
නමුණුකුලටත් ඉහළින්
පුන්සඳ දිලෙන කල
නිල් අඹරක තනිය මකා
ධවල කුසුම් පොද හැඩවෙයි
මතක අහුරු වළක දමා
සිහින් සරින් ගැයෙනා
මව් ගුණ ගී පද වරුණා
අම්මේ ඇසේදෝ සවනට
පතිකුල බැමි බින්ඳ නිසා
අහෝ! හමුවූවා නම් බිඳක්
රාහුල මවුන් සිහිනෙකින් එදා
මයේ අම්මත් යශෝදරාවකි
අන් ගැහැනුන් පැරදවූ මෙදා
ආලංකුඩාව
2025/03/22
රූබර අත්තටු යුවල
අහසට හිමි වුණත්
තරු වටකර නිසයුරුව
ලා දලුවකට දැනුණත්
පිනි බිඳුවක සිසිල
මට හිමි නොවුණේ මන්දෝ
සෙනෙහස් ගඟුලක පහස
මහමෙර පරදවා ගිය
නුඹෙ රාගික ගින්නෙන්
මෝරා වැඩුණි කුස නම්
දරු පෙළකට අඩු නැතුවෙන්
නැසුවේ නැතුවේ ඇයිදෝ
අපවත් ඒ ගින්නෙන්
කෙරුවා නම් දුකක්
නැත උරුමව
නමුණුකුලටත් ඉහළින්
පුන්සඳ දිලෙන කල
නිල් අඹරක තනිය මකා
ධවල කුසුම් පොද හැඩවෙයි
මතක අහුරු වළක දමා
සිහින් සරින් ගැයෙනා
මව් ගුණ ගී පද වරුණා
අම්මේ ඇසේදෝ සවනට
පතිකුල බැමි බින්ඳ නිසා
අහෝ! හමුවූවා නම් බිඳක්
රාහුල මවුන් සිහිනෙකින් එදා
මයේ අම්මත් යශෝදරාවකි
අන් ගැහැනුන් පැරදවූ මෙදා
ආලංකුඩාව
2025/03/22