සපුමල් බන්ඩාර - ලන්ඩනය

2024 ඔක්තෝබර් කලාපය

වැසි හිරු දේදුනු සහ ඔබ

සිතුවානම් එක නිමේෂයක
පැතුවානම් එක ආත්මයක
නැතුවානම් මට සැමදිනකම
කුමකටනම්වේ මේ ජීවිතයම

නිදානොගෙන ඔබ ගැන සිතුවා
අවදිවෙලා ඔබ ගැන සිතුවා
රෑදහවල ඔබ ගැන සිතුවා
සිහිනයක්වී ඔබ එනු පෙනුනා

වැසි වසිනාවිට හිරු නොරැදෙන්නා
හිරු ඇතිවිට වැසි නොවසින්නා
ඔබ නැතිවිට මට සුවනොදෙනා
දේදුන්නක්ලෙස ඔබ පායා එන්නා

(සිංදුවකටත් හොදයි නෙ)
View Poem