වානර හිමිකම් කොමසාරිස්ට පෙත්සමක්
එකමත් එක කලෙක මේ මහා පොලොව මත
වලිගෙන් වන වනා සරමින් සතර අත
සිටියත් එකම වානර කුලයෙහි පැවත
මනුසත් කැළ දිනෙක දෙපයින් නැගිට ගත
පෙන්නා බලය සෙසු වානර නෑයන්ට
පන්නා ඔවුන් කැලයෙන් යළි නොම එන්ට
දන්නා දහම් ගැට දමමින් රවටන්ට
මැන්නා වන පියස අත්පත් කරගන්ට
වලිගය සමග යහ ගුණදම් යද්දි මැකී
නිමවිය. සබඳකම් වනබිම් සමග රැකී
බිහිවිය විසල් පුරවර ගහකොළ වියැකී
නැතිවිය. තැනක් වානර නෑයන්ට සකී
උසුළනු නොහේ කුසගිනි අහරක් නැතියෙන්
මිය යනු බැරිය යුද වැද නරකැළ සමගින්
රැස්වුණු දිනේ වානර හිමිකම් වෙනුවෙන්
ලියැවුණු පෙත්සමක තිබුණා මේ විලසින්
මිතුරනි පොළොව උරුමයි අපටත් ඉන්න
වෛරෙනි එපා වානර කැළ වනසන්න
කුලුණෙනි බලා අප වන පෙත් රැක දෙන්න
මිනිසුනි දැනේ අපටත් ඔය බඩ ගින්න
වලිගෙන් වන වනා සරමින් සතර අත
සිටියත් එකම වානර කුලයෙහි පැවත
මනුසත් කැළ දිනෙක දෙපයින් නැගිට ගත
පෙන්නා බලය සෙසු වානර නෑයන්ට
පන්නා ඔවුන් කැලයෙන් යළි නොම එන්ට
දන්නා දහම් ගැට දමමින් රවටන්ට
මැන්නා වන පියස අත්පත් කරගන්ට
වලිගය සමග යහ ගුණදම් යද්දි මැකී
නිමවිය. සබඳකම් වනබිම් සමග රැකී
බිහිවිය විසල් පුරවර ගහකොළ වියැකී
නැතිවිය. තැනක් වානර නෑයන්ට සකී
උසුළනු නොහේ කුසගිනි අහරක් නැතියෙන්
මිය යනු බැරිය යුද වැද නරකැළ සමගින්
රැස්වුණු දිනේ වානර හිමිකම් වෙනුවෙන්
ලියැවුණු පෙත්සමක තිබුණා මේ විලසින්
මිතුරනි පොළොව උරුමයි අපටත් ඉන්න
වෛරෙනි එපා වානර කැළ වනසන්න
කුලුණෙනි බලා අප වන පෙත් රැක දෙන්න
මිනිසුනි දැනේ අපටත් ඔය බඩ ගින්න