ඊ.ඩබ්.හිරුණි භාග්‍යා විශාකා විද්‍යාලය

2025 අප්‍රේල් කලාපය

වළාකුල මට කියනවද...

නීල පාට වළාකුලේ මාවත අද්දර
මට මුණනොගැහෙනා රුවක් ඔබව දකිනවද
ඔබ දැක දැක අත වනමින් ඒ රුව යනවද
වැසි දවසට නුඹේ බරට ඇයත් අඬනවද
සරත් දිනෙක රෑ යාමෙට ඇය මෙහි එනවද
ඉස්සර වාගෙම ඈ නෙත් මත් වී වාගෙද
උදා ඉරෙන් දෙවූ මුවත් උයනක් සේමද
වසන්තයෙත් ඈ දෑසෙත් බෙදුමක් නැහැ නෙද☁️💫
View Poem