කාංචනා පෙරේරා කපුගේ කොළඹ

2025 ජනවාරි කලාපය

වස්සානයක් යලි නොඑන වග...........

ගත දවන ගිම්හාන සෘතුවක කෙලවර
කටු තුඩු ඇනෙන වියලි බිමෙකි කර්කශ
වැටී සුනු විසුනු වුණු ඒ මයෙම හදවත
ඇහිඳ පිරියම් කරමි ලඟම එන වසත්සමයට....

බිඳුණු විසිරුණු හැඟුම් නම් බෝමැයි
තැලුණු පෙලුණු තැනුත් දැන් එමටයි
පෙර තිබුනු ඒ පණ ගැහුණු හදවත
නැවත පුරුදනු පහසු නොවමැයි

ගිම්හානයක හිඳ බලා හිඳින
වසත් සමයක නොදුටු සිහින
තව දුරයි මේ ජීවිතයෙ ගමන
හිතක් මිලිනව යනෙනු කොහොම

යලි පුරුද්දනු බැරි හිතකී බිඳුනු
කියනු ඇති කතාවක් අග මුලත් පැටලුනු
කිසිවකට ජීවිතේ තදින් නොඇලී ඉනු
එකම දහමද එයයි අප පුරුදු කල යුතු

සබඳ
වස්සානයක් යලි නොඑන වග
නොරිද්ද හෙමින් හිතට හඟවනු...

Photo Credit : Mahsa Habibi
28/11/24
View Poem