නයෝමි අමරසිංහ

2025 අප්‍රේල් කලාපය

වසත් මාසය

දැක දැක වසත් මාසය
තැන තැන කවිත් බෝමය
අසමින් කොවුල් නාදය
කජු කෙල්ලන්ගෙ සාදය

මතුරන රසුල් තානය
ඇසුරිනි සුරල් තාලය
ඉසුරින් පිරුණු කාලය
මිතුරන් නැතිව පාළුය

කිරි පායාස සුසුවඳ
අමතන මිනිස් පවුරද
ගෙන් ගෙට සංවාද
අවැසිම කාලයක් තව වෙද
View Poem