ලලනී ගීකියනගේ - රත්නපුර

2024 අගෝස්තු කලාපය

වලා සළු ඉහිරිලා....

අරුණ පෙරඹර රැස්විදා එකසේ
හිරුත් හිනැහේ නව දිනට පෙරසේ..!
ලොවක් හැඩ කල.
හිරුත් ඔබමය...
සඳුත් ඔබමය...
එකම ආකාසේ..!

දිලෙන හිරු වැළපේ...
සිසි කිරණ වැද , ගිලී යයි අහසේ..!
සැඩ සුළං හමුවේ..
පිණි පොකුරු සිප, මල් පිපෙයි සුවසේ...!

මත් බඹර පහසේ....
අතු අගක පිපි , මල් කැකුළු වැනසේ....!
දිලෙන තරු පෙරසේ....
රුසිරු පැහැසර නිවාලනු කෙලෙසේ..!

අමාවක ගනඳුරට නතුවනසේ..
වලා සළු ඉහිරිලා නිල් අහසේ....!
එලා වට තිර , උනා දමනට..
හිරුට හැකිවේ නම්..!
කෙසේනම් ඉවසනුද හොර රහසේ..?




2024.07.23
View Poem