වයස විස්සයි 20/20
මොණරියන් ගිරවියන් සැරිසරයි ඔත්තේ
සිංහයන් කුළු හරක් දුවයි උන් මත්තේ
නගිගනවා දෙපැත්තම මුරුංගා අත්තේ
ගිරවියන් මොණරියන් වහනවා ඉත්තේ
මල් පොකුරු සෙත් කවිද ගායනා මැද්දේ
දුල් නෙතට ආදරෙන් ඉඟිමරන් පැද්දේ
හිස් දිවිය වට කලොත් රත්තරන් මුද්දේ
ගිවිස ගත් ලියවිල්ල මගක් වෙයි යුද්දේ
දෙපස ආලයක් ඇති කාලයක් තිස්සේ
මැකි මැකී යන එකයි කඳුලකින් පිස්සේ
මොන මොනව පැටලුනත් ආදරේ අස්සේ
ආලෙ කල යුත්තෙ වයසින් සිතින් විස්සේ
Photo Credit ; worldtravelblogger
AnA 2025
සිංහයන් කුළු හරක් දුවයි උන් මත්තේ
නගිගනවා දෙපැත්තම මුරුංගා අත්තේ
ගිරවියන් මොණරියන් වහනවා ඉත්තේ
මල් පොකුරු සෙත් කවිද ගායනා මැද්දේ
දුල් නෙතට ආදරෙන් ඉඟිමරන් පැද්දේ
හිස් දිවිය වට කලොත් රත්තරන් මුද්දේ
ගිවිස ගත් ලියවිල්ල මගක් වෙයි යුද්දේ
දෙපස ආලයක් ඇති කාලයක් තිස්සේ
මැකි මැකී යන එකයි කඳුලකින් පිස්සේ
මොන මොනව පැටලුනත් ආදරේ අස්සේ
ආලෙ කල යුත්තෙ වයසින් සිතින් විස්සේ
Photo Credit ; worldtravelblogger
AnA 2025