ලයනල් ගමගේ ඌරුමුත්ත

2024 අගෝස්තු කලාපය

වයස්ගත කවිය

ඇට වැදුණු වංගෙඩිය
ඉරිතැලී මහළු වී
පිරුණු රතු කොමඩු ඇගෙ
එල්ලිලා වැටකොළු
එදා කෙටු මෝල් ගස්
බිම බලාගෙන සිටී
මොකද වුණෙ දන්නෙ නෑ
හන්දිපත් හිරි වැටී

අහස් කුස සිසාරා
සැරි සරන දුම වගේ
අපේ හිත ඉගිලිලා
අතීතය කර කැවේ
උදුන් ලිප ටයිල් උඩ
විදුලියෙන් බත ඉදේ
එදා හිටි පරිසරය
අද වෙනස් වී තියේ

රෝස මල් සුවඳ කෝ
ඔසු සුවඳ ජීවිතේ
ගතේ ඔප මැකී ගොස්
කොටු වැටී සරම සේ
හැමදාම වාරු නෑ
හැරමිටිය හුරු අතේ
වැඩි වෙලාවක් සිටී
උඩ බලං වැල් ඇඳේ
View Poem