වඩිනු මැනවි මේ පෝයට දම් සිසිලයි වටින්නේ
වෙසක් සඳේ සඳ එළියයි ලොවට සිසිල බෙදන්නේ
සසර මගට නිවන් සොයන දම් එලියයි දිලෙන්නේ
මනුසත් සිත්තුල සිසිලක් නෑ ඇයි නිතරම දැවෙන්නේ
වඩිනු මැනවි මේ පෝයට දම් සිසිලයි වටින්නේ
ලොව කැළඹී ගුණ දම් නෑ ලොව පිරිහි ගිහින්නේ
බෝ මලුවෙත් මෙත් ගුණ නෑ මලටත් ලොබ බදින්නේ
නිවන් මගට හනික යන්න පෝලිම මුල පුරන්නේ
බුදු වදනයි මෙත් සිසිලයි බෙදා යන්න වඩින්නේ