ලෝකය ගමනේ
ඉර සැඟවී ගොස් සඳ පායනවා
සඳ නිවුනත් උදයෙම හිරු එනවා
ගස් වැල් මල් සුලඟේ ලෙල දෙනවා
ලෝකය නොනැවති ගමනේ යනවා
ගංගා දියඇලි ගලා හැලෙනවා
සීතල මදනල දසත හමනවා
සාගර වෙරළේ හඬා වැටෙනවා
ලෝකය නොනැවති ගමනේ යනවා
පුංචි දෝණි ලොකු ලමයෙක් වෙනවා
පුංචි පුතා දුලි රැවුල් කපනවා
ක්ෂනයක් පාසා අප මිය යනවා
ලෝකය නොනැවති ගමනේ යනවා
පුංචි දෝණි අද දීගෙක යනවා
පුංචි පුතත් කරකාර බඳිනවා
නිවසේ දෙමහල්ලන් තනි වෙනවා
ලෝකය නොනැවති ගමනේ යනවා
කළුවන් කෙස් රොද හෙට සුදු වෙනවා
කොඳමල් වැනි දත් හෙට ගිලිහෙනවා
විරහ වේදනා සමනය වෙනවා
ලෝකය නොනැවති ගමනේ යනවා
එක මොහොතක් නැත ඉසිඹු ලබන්නේ
එක මොහොතක්වත් නැහැ නවතින්නේ
සුළු මොහොතක්වත් පමා නොවන්නේ
ලෝකය නොනැවති ගමනේ යන්නේ
සඳ නිවුනත් උදයෙම හිරු එනවා
ගස් වැල් මල් සුලඟේ ලෙල දෙනවා
ලෝකය නොනැවති ගමනේ යනවා
ගංගා දියඇලි ගලා හැලෙනවා
සීතල මදනල දසත හමනවා
සාගර වෙරළේ හඬා වැටෙනවා
ලෝකය නොනැවති ගමනේ යනවා
පුංචි දෝණි ලොකු ලමයෙක් වෙනවා
පුංචි පුතා දුලි රැවුල් කපනවා
ක්ෂනයක් පාසා අප මිය යනවා
ලෝකය නොනැවති ගමනේ යනවා
පුංචි දෝණි අද දීගෙක යනවා
පුංචි පුතත් කරකාර බඳිනවා
නිවසේ දෙමහල්ලන් තනි වෙනවා
ලෝකය නොනැවති ගමනේ යනවා
කළුවන් කෙස් රොද හෙට සුදු වෙනවා
කොඳමල් වැනි දත් හෙට ගිලිහෙනවා
විරහ වේදනා සමනය වෙනවා
ලෝකය නොනැවති ගමනේ යනවා
එක මොහොතක් නැත ඉසිඹු ලබන්නේ
එක මොහොතක්වත් නැහැ නවතින්නේ
සුළු මොහොතක්වත් පමා නොවන්නේ
ලෝකය නොනැවති ගමනේ යන්නේ