ලිහිණි.........
ලියා පද වැල් කවියො කවි කල
හඳට සම කල මුහුණ....
පාන්දර අවදිව චීත්තය
පොටේ නොපිටෙන් පිසින...
හවස ගෙදරට එනතුරා දරු,
දිලිසෙනා තරු නයන....
සංදේශ වල, හැඩය මිස දුක
ලියැවුනේ නැහැ ගෙවන....
සිහින් ඉඟ, කුළු පුළුල් උකුලක
සුන්දරව කවි ලියන....
වතුර කළ හඬ හඬා සෙලවෙන
හෙමින් ඉඟ දුක කියන....
දරු කැලක බර දරාගෙන
අම්මා වරුන් ලොව තනන...
හැඩ විතරමද තිබුණෙ උකුලක
කවියො එතරම් වනන....
රණ හංස ගී කොතෙක් වැයුනද
සෘංගාරයක ගිලුන....
වැහැරි තන පුඩු පමණි දන්නේ
එදා කාලය ගෙවුන....
මතුපිටක හැඩ මිසක කවියක
පපුව ඇතුලට නොයන....
හංස ගීතය අසාපන්, ඉකි බිඳින,
රහසින් කියන....
නා මෙනවියන් ඇත ගඟ දෑලක පුලින....
ජීවිත ගැට ගසන්නට වැලි ගොඩ දමන....
නිසි පුළුලුකුල රිය සක දිවි බර අදින....
සැළලිහිණියෝ මගහැරුනිද ඇගෙ උවන...
මොරටුව.
හඳට සම කල මුහුණ....
පාන්දර අවදිව චීත්තය
පොටේ නොපිටෙන් පිසින...
හවස ගෙදරට එනතුරා දරු,
දිලිසෙනා තරු නයන....
සංදේශ වල, හැඩය මිස දුක
ලියැවුනේ නැහැ ගෙවන....
සිහින් ඉඟ, කුළු පුළුල් උකුලක
සුන්දරව කවි ලියන....
වතුර කළ හඬ හඬා සෙලවෙන
හෙමින් ඉඟ දුක කියන....
දරු කැලක බර දරාගෙන
අම්මා වරුන් ලොව තනන...
හැඩ විතරමද තිබුණෙ උකුලක
කවියො එතරම් වනන....
රණ හංස ගී කොතෙක් වැයුනද
සෘංගාරයක ගිලුන....
වැහැරි තන පුඩු පමණි දන්නේ
එදා කාලය ගෙවුන....
මතුපිටක හැඩ මිසක කවියක
පපුව ඇතුලට නොයන....
හංස ගීතය අසාපන්, ඉකි බිඳින,
රහසින් කියන....
නා මෙනවියන් ඇත ගඟ දෑලක පුලින....
ජීවිත ගැට ගසන්නට වැලි ගොඩ දමන....
නිසි පුළුලුකුල රිය සක දිවි බර අදින....
සැළලිහිණියෝ මගහැරුනිද ඇගෙ උවන...
මොරටුව.