චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය

2022 පෙබරවාරි කලාපය

ලපටි හදක සුසුමක්

කළු ලෑල්ලෙ සුදු පාටින් ලියවුණ
රචනා මාතෘකාව ඉඩෝරය
මා දැස් ගිලගෙනය
ටීචර්ද කළබලයෙන්ය
නොදෙවෙනිව තැපැල්කරුට
මුල් ගුරු කාමරය වෙතට
ඈ ගියේ ඉක්මනට

පන්තියේ ළමුන් සැවොම නැගිටගෙන
ඇවිස්සු මීවදයක සිරිය ගෙන
ඉඩෝරයෙන් පොතෙත් පිටුවක් පිරීගෙන
සිතන්නට දෙයක් නැත ඒ ගැන

පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඇවිල්ලා
ලොකු අක්කෙක් හඬ අවදි කලා
අපෙ දෙසවන් පිරැනා
ලමුන් තවත් කළබල වුනා
මට ගානක් නැති වුනා
අමතර පන්ති නොයවුනා
එදිනෙදා වැඩ හරියට කෙරැනා

ටීචර් පන්තියට ඇවිදින්
ලිස්ට් එකක් අරන්
මුළු පන්තියම සන්සුන්
මීයට පිම්බා ලෙසින්
හ්ම්...කවුරුත් ඇහුම්කන් දෙන්න හොඳින්
දස්කම් බලන්න පුළුවන් සතුටින්

නම් දෙක තුන කියවුනා
ඉදිරියට විත් පෙළ ගැසුනා

ටීචර්ගෙ මුහුණෙ පොපියන සිනාවයි
දක්ෂම ශිෂ්‍යාව මගේ පන්තියෙයි
දෙසීයෙන් දෙසියයක් අරගෙනයි
සිරියලතා මොහොට්ටිවත්....
මුළු පන්තියම මීයට පිම්බා වගෙයි

නැඟිටින්නෙ නැහැ කිසිවෙක්
නැතිද ඒ නමින් කිසිවෙක්
හැරි හැරී සැවොම
බලයි මා දිහෑ ම

ලියු රචනාවත් ඉඩෝරයට අහුවෙලා
පෑනෙන් ඉරි ඇඳිලා
කඳුලින් තින්ත බොඳ වීලා
ටීචර් මා ලඟ නැවතිලා
හදේ ගැස්මත් වැඩි වීලා

පෝර වතුර නිසි කළට නොලැබීලා
හේනත් කුඹුරත් පුරන් වෙලා
කෙසෙල් කොටුවත් අලි බිඳලා
පස් දරු මගෙ පියාත් ගෙළලාගෙන
ඉතින් කොහෙමද මම නැඟිටින්නේ

පවුලෙහි බරට
උර දෙන්නට
සිදුවෙලා මට
පාසැලෙන් සමුගන්නට.

15/1/2022
View Poem