ලතැවුල්
විඩාපත් ඇගෙ මිලින වත කුසුම
පතිනි මවුනේ තවම නුදුටු වෙ ද
දොවා කඳුලින් සළඹ කල යැදුම
පතිනි මව් දිව කණින් නොඇසු වෙ ද
මහා සෑ මළුව මත පහන් තිර
ඇගේ පැතුමන් සමග දැවුණෙහි ද
පිදූ කිරි අහර වල රස සුවඳ
දෙව් ලොවට නොදැණුනේ දුර වැඩි ද
ඇගෙ සිහින ලෝකයේ සුනිල විල්
සුපුල් සුදු පියුමන්ට අකැප ම ද
ඇගෙ යහන පැදකුණු කරන්නට
ඇත් පැටව් තවම මග සොයනව ද
නැවුම් දිය කළ හතෙන් දෙවූ දා
පොල් මලෙහි ඇටි සරුව නොතිබිණි ද
මගේ හිස මව් කිරුල තැබූ ඇය
ඒ කිරුල දරන්නට පින් මදි ද
ඇගෙ සුසුම් ගිනි වැදී දැවෙන මට
මිත්තනිය වන වරම අහිමි වෙ ද
පතිනි මවුනේ තවම නුදුටු වෙ ද
දොවා කඳුලින් සළඹ කල යැදුම
පතිනි මව් දිව කණින් නොඇසු වෙ ද
මහා සෑ මළුව මත පහන් තිර
ඇගේ පැතුමන් සමග දැවුණෙහි ද
පිදූ කිරි අහර වල රස සුවඳ
දෙව් ලොවට නොදැණුනේ දුර වැඩි ද
ඇගෙ සිහින ලෝකයේ සුනිල විල්
සුපුල් සුදු පියුමන්ට අකැප ම ද
ඇගෙ යහන පැදකුණු කරන්නට
ඇත් පැටව් තවම මග සොයනව ද
නැවුම් දිය කළ හතෙන් දෙවූ දා
පොල් මලෙහි ඇටි සරුව නොතිබිණි ද
මගේ හිස මව් කිරුල තැබූ ඇය
ඒ කිරුල දරන්නට පින් මදි ද
ඇගෙ සුසුම් ගිනි වැදී දැවෙන මට
මිත්තනිය වන වරම අහිමි වෙ ද