ඉෂංකා මිහිරි කුමාරතුංග

2024 ඔක්තෝබර් කලාපය

රිදුමන් නෑ...

ඉදහිටක තෙමී ඔය දැස් ගැබ්බර වේවී
නුවර වැව් දිය තරමට දරා ගනින් පේවී
ගල් බොරලු මතින් යන විට රිදුම් දේවී
නිහඬ සුසුමට දුක කියන් පෙම්බර දේවී...

වරා මල් ඔහේ පාවෙයි සුලං ඇති නැති දාට
කෙකටිය මල් ඉත්තද මිතුරු වෙති ඊට
යන එන ගමනේ වෙහෙස ටික ටික දැනුනාට
මග නවතින්නෙපා ජීවිතය නොවේ ඒක

සෙවනැල්ලටත් තනි නෑ ..අඳුරෙත් ලඟ උන්නාම
අමාවක දාටත් කලුවර නෑ..පාලොස්ක වී ආවාම
නියං සෘතුවත් පාලු නෑ...අතු ඉති සුවදින් පිරුනාම
කඳුළු උනත් රිදුමක් නෑ .. මැනිකේ සතුටක වැටුනාම

යටියන්තොට
View Poem